පක්ෂය දෙකට කඩා ගන්නවා ද ගෙඩිය පිටින් දෙනවාද ? රනිල් මහින්දට දුන් ලියුම Featured

Published in Gossip
Monday, 29 July 2024 15:24

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමා ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බවත ඔහුගේ ජයග්‍රහනණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය අපේක්ෂා කරන බවත් සඳහන් කරමින් එම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්ථා වී ඇත.

මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ අර්ථ කථන සපයමින් ඇත. මෙහදි රනිල් වික්‍රමසිංහ දේශපාලනිකව අසරණ වී ඇති බව බොහෝ දෙනෙකුගේ මතය වී ඇත. නමුත් ඒ රනිල්ගේ දේශපාලනික සූර බව නොදන්නා කම නිසාය.

දැනටත් පෙනෙන ලෙස නම් රනිල්ට පොහොට්ටුවේ සහයෝගය මෙලෙස ලිපියකින් අයදින්නට වුවමණා නැත. පසු ගිය කාලය පුරාම මේ දෙපක්ශය සාකච්ඡා වට ගනනාවක් මේ වෙනුවෙන් පවත්වා ඇත. එම සාකච්ඡා සාර්ථක වූ බවක් තවමත් වාර්ථා වී නැති වුවත් සියළු දෙනා දන්නා සත්‍යය වී ඇත්තේ පොද ජන පෙරමුණෙ ප්‍රබලයන් ගනනාවක් ජනාධිපති රනිල්ට සහයෝගය දීමට ප්‍රසිද්ධියේ ඉදිරිපත්ව ඇති බවය. පසුගියදා ගාල්ලේ පැවැති ජනාධිපතිවරයා සහභාගී වූ රැස්වීමට පොදු ජන පෙරමුණේ පාර්ලිමේනත් මන්ත්‍රීවරුම 40 කට වැඩි ප්‍රමාණයක් සහභාගී වී සිටිය අතර සිය ගනනක ප්‍රාදේශීය නායකයන්ද සහභාගී වී සිටියහ.

මේ අතර පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පසුගියදා චෝදනා කර තිබුණේ ජනාධිපති රනිල් සිය පක්ෂය දෙකට කැඩීමට කටයුතු කර ඇති බවය. එමෙන්ම දේශපාලන වර්ධනයන් අනුවත් පෙනෙන්නට තිබෙන්නේ එම තත්වයය.

කොහොම නමුත් පොදුජන පෙරමුණේ නායකත්වය හොඹවන රාජපක්ෂ පවුල් පාර්ශ්වය මේ මොහොත තුළ ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ වැඩි කැමැත්තකින් පසුවන නමුත් පක්ෂයේ ප්‍රබලයන් ගනනාවක් රනිල්ට සහය දිය යුතු බවට දැඩි බැලපෑමක් කරමින් සිටීම තුළ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ තීරණය තුළ පක්ෂය දෙකට කැඩීමේ අවදානමෙන් මිදිය නොහැකි බව සක් සුදක් සේ පැහැදිලිය.

කෙසේ නමුත් ජනපති රනිල් මේ මොහොතේ නාමල් රාජපක්ෂ කළ චෝදනාවෙන්ම ආපසු රාජපක්ෂ පවුලටම ගසා දමා ඇත.

අදාල ලිපිය අනුව රාජපක්ෂ වරු සුදුසු පිළිතුරක් ලබා දිය යුතු අතර ඒ අනුව ජනාධිපති අපේක්ෂක රනිල්ට පක්ෂයක් ලෙස සහයෝගය ලබා නොදී පක්ෂය දෙකඩ කර ගන්නවාද, සහයෝගය ලබා දී පක්ෂය ආරක්ෂා කර ගන්නවාද යන්න තීරණය කිරීම රාජපක්ෂලා විසින් තීරණය කරන්නක් බවට පත් කර ඇත.

li

Last modified on Monday, 29 July 2024 15:25

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us