පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   Featured

Published in Gossip
Thursday, 25 July 2024 12:27

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීම සම්බන්ධයෙන් ඊයේ (24) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු 75 ක පමණ පිරිසක් මේ වන විටත් ජනාධිපති රනිල්ට සහය ලබා දීමට තීරණය කර ඇති බවය. ඒ අතර නාමල් රාජපක්ෂ පාර්ශ්වය තමන්ගේ සහය ලබා දීමට නම් අගමැති තනතුර නාමල් රාජපක්ෂට ලබා දිය යුතු බවට කොන්දේසියක් ඉදිරි පත් කර ඇත.

කෙසේ නමුත් ඊට එකඟතාවයක් ලැබී නැති අතර ඒ අනුව නාමල් රාජපක්ෂ පාර්ශ්වය වෙනම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සුදානමක පසුවන බව එම පක්ෂ තොරතුරු මාර්ග පවසයි.

මෙම දේශපාලන වර්ධනයන් මත මේ වන විට පොහොට්ටු පක්ෂයේ දෙකඩ වීම ස්ථිර වී ඇත. ඒ් අනුව ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනකු කොළඹ මල්පාරේ ස්ථානයකදී හමුවී සාකච්ඡා කර ඇති අතර ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 18 දෙනකු තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක හමුවී සාකච්ඡා පවත්වා පවත්වා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළහොත් ඇතිවන තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශවයම දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයිද වාර්තාවේ.

එමෙන්ම මෙහිදී දෙපාර්ශවයේම අවසන් එකඟතාව වී ඇත්තේ මේ මොහොතේදී තම සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමටයි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම,දේශපාලන කාර්යාලය පිහිටුවීම,ජන්දපොළ නියෝජිතයන් පත්කිරීම, මාධ්‍ය කටයුතු සිදුකිරීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශවයේම වැඩි අවධානය යොමුව ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වල සහය ජනාධිපතිවරයාට ලබාගැනීම සම්බන්ධයෙන් පුළුල් වැඩ පිළිවෙලක් සැකසීම පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ඊට අමතරව රජය විසින් දැනට ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති ඇතුළු රජයේ ව්‍යාපෘති සමඟ ජනතාව දැනුවත් කිරීම ඡන්ද කොට්ඨාස මට්ටමින් විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවී ඇති බවද වාර්තාවේ.

gossip

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us