වන ජිවී නිලධාරින්ට පහර දුන් අය රිමාන්ඩ්

Published in පුවත්
Friday, 08 August 2014 13:31
විල්පත්තු ජාතික වන උද්‍යානයේ රාජකාරි කටයුතු කරමින් සිටි වන ජිවි නිලධාරින් පිරිසකට පහරදී, පොදු දේපළ වලට හානි කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත්   පුද්ගලයන් තිදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස (19) වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මන්නාරම මහේස්ත්‍රාත් ආනන්දි කනගරත්නම් මෙනවිය නියෝග කළාය.
 මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ මොල්ලි කුලම,මරිච්චිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකි.
 
විල්පත්තු ජාතික වන උද්‍යානයේ ,උතුරු අභය භුමියේ පළු ගසක් කපා එහි දැව තොගයක් රැගෙන යන ලද පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමට වනජිවි නිලධාරින්  සිද්ධියට සම්බන්ධ සැකකරුගේ නිවසට ගොස් තිබේ. 
 
එහිදි සිද්ධිය සම්බන්ධ සැකකරු හා අඩි දෙසිය පනහක පමණ දිගින් යුත් පළු දැව කැබලි හතළිස් දෙකක් ද නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ලොරි රථයක පටවාගෙන එම නිවසින් පිටවන අවස්ථාවේදි පැමිණි නාදුනන පිරිසක් මෙම පහරදීම සිදුකර ඇත.
 
පසුව මේ පිළිබදව සිලා වතුර පොලිසියට පැමිණිලි කර ඇත.ඒ අනුව පොලිසිය විසින් සිදු කළ පරික්ෂණ වලින් පසුව සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
 
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිලා වතුර පොලිසිය මගින් සිදුකරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us