සිරිසේනට ජීවිතාන්තය දක්වා හිරේ ලඟින්න වෙයි ! අපරාධයමය වරදක් කරලා. Featured

Published in පුවත්
Tuesday, 04 December 2018 19:04

සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා පසුගිය ඔක්තෝර්බර් 26 වන දින සිට ගත් තීන්දු තීරණ වැරදි බවට අධිකරණය හමුවේ ඔප්පු වුවහොත් ඔහුට එරෙහිව රාජ්‍ය ද්‍රෝහී වීම සම්බන්ධයෙන් නඩු පැවැරිය හැකි බව නීතිවේදීන් පෙන්වා දෙයි.

රාජ්‍ය ද්‍රෝහී වීම අපරාධමය වරදක් ලෙස මෙරට නීතියේ සැලකෙන අතර දණ්ඩ නීති සංග්‍රහයේ 115 වන වගන්තිය අනුව රාජය ද්‍රෝහී වීමේ වරදට වසර 20 ක් දක්වා සිර දඬුවමක්ද දඩයකටද යටත් කළ හැක.

සිරිසේන විසින් ගත් තීන්දු තීරණ මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක් වෙමින් තිබේ. දෙස් විදෙස් නීති විශාරදයන් පෙන්වා දෙන්නේ සිරිසේන ජනාධිපතිවරයා නිශ්චිතවම ව්‍යස්ථාව උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවය. ඒ අනුව අධිකරණය බොහො විට පැමිණිලි පාර්ශ්වයට වාසිදායක තීන්දුවක් ප්‍රකාශයට පත් කරණු ඇති බවත් ඔවුන්ගේ මතය වී තිබේ.

එසේම මහින්ද රාජපක්ෂට එරෙහි ව පාර්ලිමේන්තුව හමුවේ සම්මත වූ පළමු විශ්වාෂභංග යෝජනාවේද ජනාධිපතිවරයා ව්‍යස්ථානුකූල නොවන ලෙස එම පත් කිරීම සිදු කළ බව සදහන්ය. පසුව දෝෂාභියෝගයකට බිය වූ ජනාධිපතිවරයා කතානායක වරයාගෙන් හා එජාපයෙන් කළ සානුකම්පිත ඉල්ලීමක් සලකා බලා දෙවන විශ්වාෂභංග යෝජනාවෙන් එය ඉවත් කරනු ලැබීය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණ තීන්දුව ලැබුණ හොත් දෝෂාභියෝගයකට අවශ්‍ය කරන නීතිමය තත්වයන්ද සම්පූර්ණ වේ.මේවන විටත් එජාපය දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මේ මොහොතේ බරපතල අර්බූදයකට තල්ලු කර දමා තිබීම හා රටේ බහුතර ජන මතය අනුව ඔහුට එරෙහිව මතයක් නිර්මාණය වෙමින් තිබීම මත දෝශාභියෝගයකදී ඊට සහය දීමෙන් වැලැකී සිටීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු කණ්ඩායමකට හැකි වන්නේ නැත. ඒ අවදානමද අද ජනාධිපතිවරයා හමුවේ පවතී.

මේ අනුව සිරිසේන විසින් මෙරටේ සියලු පුරවැසියන්ගේ පරමාධිපත්‍යමය අයිතිය නොසලකා හැර කටයුතු කර ඇති බවත් පුරවැසියාගේ මානව හිමිකම් උල්ලංඝණය කර ඇති බවටත් ඔහුට එරෙහිව මේ රටේ ඕනෑම පුරවැසියකුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ හැකිය. ඒ වන විට අධිකරණය ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය ව්‍යවස්ථාවට පට හැකි බවට තීන්දුවක් දී ඇති නිසා එම මූලික අයිතිවාසිකම් පෙත්සමට වාසිදායක තීන්දුවක් දිමට අධිකරණයට පහසු වෙනු ඇත.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන දිගින් දිගටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ව්‍යස්ථාදායකයේ තීන්දු තීරණ නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව උපරිම දඬුවම් ලබා දීමේ හැකියාව තිබේ. සිරිසේනගේ මේ වන විට වයස සලකා බැලුව හොත් එය ඔහුට ජීවිතානතය දක්වා ලැබෙන දඬුවමක් වනු ඇත.

 

AN ORDINANCE TO PROVIDE A GENERAL PENAL CODE FOR CEYLON.

Conspiracy to commit offence punishable by preceding section.

115.* Whoever conspires to commit any of the offences punishable by the next preceding section, or to deprive the People of the Republic of Sri Lanka of their Sovereignty in Sri Lanka or any part thereof, or conspires to overawe, by means of criminal force or the show of criminal force, any of the organs of Government,shall be punished with imprisonment of either description which may extend to twenty years, and shall also be liable to fine- 

ශ්‍රීලංකා අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්ති


3. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.


4. ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම ද, භුක්ති විඳීම ද, මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ ය:-

රජය.
ඒකීය රජයක් බව.
ජනතාවගේ පරමාධිපත්‍යය.
පරමාධිපත්‍යය
ක්‍රියාත්මක කිරීම.


(අ) ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින්
තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද ක්‍රියාත්මක කළ යුත්තේ ය;
(ආ) රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය;
(ඇ) නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය;
(ඈ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේ ය; ආරක්ෂා කරනු ලැබිය යුත්තේ ය; වර්ධනය කරනු ලැබිය යුත්තේ ය. තව ද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේ ය;
(ඉ) අටළොස් විය සම්පූර්ණ කර ඇත්තා වූ ද, මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදි ඡන්දහිමියකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්දහිමි නාමලේඛනයේ ඇතුළත් කරනු ලැබ සිටින්නා වූ ද, සෑම පුරවැසියකු විසින් ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දී ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේ දී ද, සෑම ජනමත විචාරණයක දී ද ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි විය යුතු වන්නේ ය.

Last modified on Tuesday, 04 December 2018 19:05

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us