යම් ලෙසකින් හෝ රනිල් වික්‍රමසිංහ බහුතර පෙන්වීමට කටයුතු කළහොත් සිරිසේනගේ හා රාජපක්ෂගේ දේශපාලන කුමන්ත්‍රණය එතැනිම අවසන් වනු ඇති බවත් අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ යළි නම් කිරීමට සිදුවුවහොත් එය සිදු කරනවාට වඩා දිවි නසා ගැනීම නම්ඹුකාර බව මේ උපදේශ්කයන් පෙන්වා දී තිබේ.
දිගින් දිගටම පාර්ලිමේන්තුව කඩාකප්පල් කර රට අස්ථාවර කිරීම තුලින් වන අර්බුධය පෙන්වා, හදිසි මහ මැතිවරණයක් කැඳවීම යුක්ති සහගත බවට ශ්‍රේෂ්ඨාධිකරණයට මතයක් ඉදිරිපත් කිරීම මෙහි අපේක්ෂාව වී තිබේ.
මේ වන විටත් රජයේ සියලු අමාතයංශ දෙපාර්ථමේන්තු අකර්මන්‍ය වී තිබේ. ඉදිරි සති කිහිපය තුලදී බඩු මිළ සීග්‍ර ඉහළ යාමකට ලක්වනු ඇති බවත් ආර්ථික විශේෂඥයන් පුරෝකථනය කර තිබේ