ඔහුට බරපතල තුවාල සිදුවන ආකාරයෙන් පහර දීමට ගත් උත්සාහය මෙන්ම රාජපක්ෂ මිනීමරු කල්ලියේ ඇතැම් මන්ත්රීවරයකුගෙන් එල්ල වූ මරණීය තර්ජන නිස මේ සැකය වඩාත් තිව්ර වන බව ඔහු පවසයි. යම් හෙයකින් කථානායකවරයාට බරපතල තුවාලයක් හෝ සිදු වූවා නම් පාර්ලිමේන්තු කටයුතු මුළුමනින්ම අඩපණ වීම සිදුවන අතර නව කතානායක වරයෙක් පත් කිරීම සදහා රාජපක්ෂවරු උත්සහ ගැනිම අනිවාර්යෙන්ම සිදු වීමට නියමිතව තිබූ බවත් ඔහු පවසයි. ඒ අනුව මහින්දගේ හොර අගමැති පට්ටම තව දුරටත් පවත්වාගෙන යෑම සදහා වන වටපිටාවක් නිර්මාණය කර ගැනිමට ද හැකි වෙයි.
මේ තත්වය නිසා කතානායකවරයාගේ ජීවිතය දැන් වඩාත් අනතරුදායක බව ඔහු පවසයි. මේ ගැන එක්සත් ජාතීන්ට පැමිණිලි කිරීමට ඉදිරියේදි පියවර ගන බවත් ඔහු පවසයි. මෙය ජනාධිපති සිරිසේනට පවසා කතානයකවරයාට ආරක්ෂව ඉල්ලීමද තෙරුමක් නැති බව ඔහු අවධාරණය කරන්නේ මේ සියලු කුමන්ත්රණ වලට වගකිව යුත්තා සිරිසේන නිසා ඔහුගෙන් යළි කිසිවිටෙක සාධාරණයක් යුක්ති සහගත තීන්දුවක් බලාපොරොත්තු විය නොහැකි බවය.