නීති විරෝධීව අගමැති පට්ටමක් ලබා ගැනීමේ සිට එය රැක ගැනීම සඳහා සිය ම්ලේච්ඡ මිනීමරු මජර ක්‍රමවේදයන් පාවිච්චි කිරීමට මහින්ද රාජපක්ෂ නොපැකිලෙන බව අදත් ඔහු පෙන්වා දුන්නෙය.
අගමැති පට්ටම තියා ගැනිමට අවශ්‍ය කරන බහුතරය තියා තමන්ගේ කණ්ඩායමේ බහුතරයවත් දිනා ගත නොහැකිව සිටින මහින්ද අද උත්සහ කළේ ද කතානායකවරයා විසින් බහුතර බලය විමසීම සඳහා ඡන්ද විමසීමකට යෑම වැලැක්වීමටය.
විශාල ගැටුමක් ඇති කර කතානායකවරයාටත් පහර දී පාර්ලිමේන්තුව යුධ පිටියක් කිරීමෙහි අරමුණ ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ පාර්ලිමේන්තු ස්ථාවර නියොග හෝ ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාව හෝ අවම වශයෙන් දේශපාලන සදාචාරය හෝ වෙනුවෙන් නොවේ. මේ කාලකන්නින්ට වුවමනාම වූයේ පාර්ලිමේන්තුව ඇතුලේ තව එකෙක් දෙන්නෙක් මරා දමා හෝ තමන්ගේ බලය රැක ගැනීමය.
මේ තත්වය ජනධිපති සිරිසේන නොදැන වුවක් නොව ඔහුගේ අනුදැනුම ආශිර්වාදය යටතේ සිදුවනක බවද පැහැදිලිය.මන්ද මේ කුමන්ත්‍රණයේ සැලසුම් කරුවා සිරිසේන වන නිසාය