'ආණ්ඩුවේ සුනඛයින් බැඳ තබන්න'

Published in පුවත්
Friday, 08 August 2014 10:10

අදින් පසුව මැති ඇමති කවුරුන් හෝ චීවරයට අත ගසන්නට පැමිණියහොත් එය ආණ්ඩුවේ අවසානය බවත්, ආණ්ඩුවේ සිට කෑගසන සුනඛයන් බැඳගන්නා ලෙස ජනාධිපතිවරයාට අවධාරණයෙන් යුතුව දන්වා සිටිනබවත් බවත් ඥානසාර හිමියෝ පැවසූහ. 

උන් වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (07දා) බොරැල්ල බෞද්ධ මහා සම්මේලන ශ්‍රවණාගාරයේ පැවැති 'සිංහල භික්ෂු වංශයේ පුනරාගමනය'  බොදුබල සේනා සඟ සමුළුව අමතමිනි. 

රටට අවශ්‍ය පොදු අපේක්ෂකයකු නොව ජාතික නායකයෙකු බවත්, රජුන් තනන වැඩපිළිවෙළක් බොදුබල සේනා සංවිධානය විසින් ආරම්භ කරන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. 

ජාතික නායකත්වක් ලබා දිය හැකි  රාජ්‍ය නායකයකු බිහි කිරීම සඳහා සැප්තැම්බර  මාසයේදී කොළඹ දී  සංඝ සමුළුවක් කැඳවා රජුන් තනන වැඩපිළිවෙළ ආරම්භ කරන  බවද උන්වහන්සේ අවධාරණය කර සිටියහ. 


එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියෝ මෙසේද පැවසුහ. 

'අපේ භික්ෂු වංශය පිළිබඳ සිතිය යුතු කාලයකයි අපි සිටින්නෙ. අපි දැන් ඉවසුවා ඇති. සතර අතින් එන බලවේග රටේ සිවුකොණ කොල්ලකමින් ඉන්නවා. මේ ආණ්ඩුව හෝ රජයේ බලවත් අයට අදටත් බැරිවෙලා තියෙනවා බෞද්ධයන් ආරක්ෂා කරන්න. මේ ආණ්ඩුවෙන් අපි ඒක බලාපොරොත්තු වුණත් ඒවා වුණේ නැහැ. 


අද ජනාධිපතිවරයා, ත්‍රිවිධ හමුදාව ඇතුළු පහළ නිලධාරියා දක්වා සියලු දෙනා බලවත් රැවටීමක හෙවත් අල්ටකියාවක සිර වී සිටිනවා. අපේ නායකයන් සිටින සර්වාගමික යැයි කියන නාටකයට ඉඩදෙන්න බැහැ. පක්ෂ දේශපාලනයෙන් තොරව ජාතික දේශපාලන න්‍යාය පත්‍රයක් ඔස්සේ අපි කටයුතු කළ යුතුයි. 


අපේ දේශපාලනය ජාතික දේශපාලනයයි. අපට හොඳ ආර්ථිකයක් වගේම හොඳ දේශපාලනයක් අවශ්‍යයි. සංවර්ධනය සංවර්ධනය කියලා කොයිතරම් කෑ ගැහුවත් බොහෝ අංශවල සංවර්ධනයක් වෙලා නැහැ. හොරු තක්කඩින් පිරුණු, රට පිළිබඳ කිසිදු අදහස් නැති සමූහයක් දේශපාලඥයන් ලෙස ඉන්නවා''

මෙම නියෝජිත මහ සංඝ සමුළුව  සඳහා බොදුබල සේනාවේ සභාපති, එම  සංවිධානයේ නිර්මාතෘ කිරම විමලජෝති හිමියන් සහ ජාතික සංවිධායක  විතාරන්දෙණියේ  නන්ද හිමි  ඇතුළු භික්ෂුහු දෙසිය පණහක් පමණ සහභාගී වී සිටියහ. 

Last modified on Friday, 08 August 2014 10:32

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us