සිරිසේනත් ඉවරයි, ශ්‍රිලනිපයත් ඉවරයි ! මැතිවරණයට පොහොට්‍ටුවෙන් පමණයි. මහින්ද තීන්දුව ගනී. Featured

Published in පුවත්
Tuesday, 06 November 2018 15:36

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කරනු ලබන්නේ පොහොට්ටුව ලකුණින් බවත් වෙනත් කුඩා පක්ෂයක් යටතේ තරග කිරීමට සූදානම් නොමැති බවත් එම පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසයි.

ජනතාව විසින් පොදුජන පෙරමුණ ගැන තබා ඇති විශ්වාසය කිසි ලෙසකින් කඩ නොකරන බව සදහන් කරන ලේකම්වරයා ඉතිහාසයේ කිසිදා ප්‍රධාන පක්ෂයක් කුඩා පක්ෂයක් යටතේ තරග කර නැතැයිද කියා සිටී.

ඒ ආකාරයෙන් තම පක්‍ෂය යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාව ඇති බවත් ඒ සදහා සන්ධානගත වීමට සාකච්ඡා කළ හැකි යයිද ඔහු කියයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මේ අනුව සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ සිහිනය බිඳ වැටී තිබෙන අතර ශ්‍රිලංකා නිදහස් පක්ෂයේත් ගමනක අවසානය මේ වන විට තහවුරු වී හමාරය.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රිලනිපයේ නායකත්වය බාරගත් සිරිසේන වසර 4 ක් තුල ශ්‍රීලනිපයද විනාශ කර ඔහුගේ දේශපාලනයද විනාශ කර ගැනීම මේ යුගයේ සුවිශේෂී දේශපාලන සිදුවීම බවට පත් කර තිබේ.

හැමදාම ශ්‍රීලනිප පමණයි , ශ්‍රීලනීපය වෙනුවෙන් ජීවිත පරදුවට තබන්නට සුදානම් බව කියමින් සිටි දුමින්ද දිසානායකලා මහින්ද අමරවීරලා ඇතුලු අර‍ටු බැහැපු ශ්‍රිලංකා කාරයෝ දැන් කියන්නෙ කුමක්දැයි ශ්‍රීලනිප පාක්ෂිකයෝ බලා හිඳිති. මහින්ද රාජපක්ෂගේ උගුලෙ වැටී සිරිසේන තමාවත් තමන්ගේ පක්ෂයත් ඒ පිරිසිදු ශ්‍රීලංකා කරයන්වත් දැන් මහින්දට පාවා දී සියල්ල විනාශ කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us