මහින්ද අල්ලස් ලබාදීමේ වරදට හසු වෙන ළකුණු? - අල් ජසීරා

Published in පුවත්
Monday, 05 November 2018 14:32

පාර්ලිමේන්තුව වාරාවසාන කර මන්ත්‍රීවරුන්ට අල්ලස් දී රාජපක්ෂගේ බහුතරය හදන මරා - සිරා හවුල ගැන ලෝකයම දැන් කතා වෙයි. ලංකාවේ රාජ්‍ය මාධ්‍ය හෝ පෞද්ගලික මාධ්‍ය බහුතරයක් මේ අවකල් ක්‍රියාව ගැන වාර්තා නොකරන පසුබිමක විදෙස් මාධ්‍ය දිගට හරහට ‍මේ නිරුවත් කළ ප්‍රජාතන්ත්‍රවාදය ගැන වාර්තා කරමින් සිටියි

.මේ සටනේ පළමු පෙළේ සිටින අල් ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදී මැති ඇමතිවරුන් බිලි බා ගැනීමේ කුරුමාණම ගැන අපූරුවට විස්තර කරයි. පාර්ලිමේන්තුව රැස් නොකර රාජපක්ෂට අගමැතිකම ගන්න සිරිසේන මැති ඇමතිවරුන් අල්ලස් දී බිලි බා ගනියි යනුවෙන් සඳහන් කර තිබේ.

මේ අතර ජනාධිපතිගේ පාර්ලිමේන්තු කැඳවීමේ ගැසට් නිවේදනය පිළිබඳ සඳහන් කරන එම පුවත් සේවය පවසන්නේ පාර්ලිමේන්තුව විවෘත කිරීම තවත් දින 10කට කල් යාම මේ ප්‍රශ්නය තව තවත් උග්‍ර අතට පත් වන බවයි.

මේ වනවිටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ බටහිර රටවල් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ජාත්‍යන්තර ආරවුල් සම්බන්ධ සමූහයේ (International Crisis Group)නිරීක්ෂකයෙක් වන ඇලන් කීනන් පවසන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මැදහත්වීමක් අවශ්‍ය බවයි. එක්සත් ජනපදය, ඉන්දියාව හා අනෙක් රාජ්‍යයන් මේ තත්වය සමනය කිරීම සඳහා මැදිහත් වීමේ වැදගත්කම ඔහු පෙන්වා දී තිබේ. සිය අගමැති ධුරය තහවුරු කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම පමණක් ප්‍රමාණවත් නොවන බව ඔහු පවසයි.

https://www.aljazeera.com/news/2018/11/sri-lankas-pm-faces-bribery-accusations-

https://www.aljazeera.com/news/2018/11/sri-lankan-president-orders-parliament-reconvene-november

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us