සාමාන්‍ය බස් හිමියන් අසරණ නොකරනු-ගැමුණු විජේරත්න

Published in පුවත්
Thursday, 07 August 2014 13:29

රට තුල තව දුරටත් මගී ප‍්‍රවාහනයේ යෙදීම සඳහා පෞද්ගලික බස් සේවය අවශ්‍ය නම් වහාම පෞද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යංශය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අහෝසි කර ශ‍්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ කර්මාන්තය නියාමනය කිරීම එක් අමාත්‍යංශයක් යටතට පත් කල යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් එම සංගමය ඉල්ලා සිටින්නේ පෞද්ගලික බස් කර්මාන්තය දියුණු කිරීමට බව පවසමින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවක් සහ 2010 වසරේ දී පෞද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යංශයක් ඇති කරනු ලැබූවත් එම ආයතන දෙකම සුදු අලියෙකු බවට පත් වී තිබෙන බවයි.

මෙම ආයතන දෙක මැදිහත් වී පෞද්ගලික බස් කර්මාන්තය දියුණු කළ යුතු වුවත්, ඔවුන් සිදු කරන්නේ මාර්ග බලපත‍්‍ර ජාවාරම් වල යෙදී මහා පරිමාණ මුදලාලිලාට බස් කර්මාන්තය තුළ ජාවාරම් කිරීමට අවස්ථාව සලසා දීම පමණක් බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කර ඇත.

සාමාන්‍ය ආකාරයට බස් රථයක් හෝ දෙකකින් රටේ මගී ජනතාවට සේවාවක් ලබා දීමට කටයුතු කරන බස් හිමියන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බවද ඔහු සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us