මෙම නඩුව ලබන මස 13 වනදා යළි කැඳවීමටද එහිදී නියෝග කෙරිණි.
වැල්ලවායේ පිහිටි සිය නිවසේදී ගායන ශිල්පී දමිත් අසංක පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.
දමිත් අසංක මෙසේ රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් ඔහුට ආදරය කළ ඔහුගේ රසිකයන් සමාජ ජාල වෙබ් අඩවියන් තුළ සිය කනගාටුව සඳහන් කරමින් සටහන් පළකර තිබුණි.