කලණ බලන්න තෙවරප්පෙරුම යයි Featured

Published in පුවත්
Monday, 27 August 2018 12:49

දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ කලණ හස්තියා පිළිබද තොරතුරු සොයා බැලීමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද (27) පෙරවරුවේ එම දේවාලය වෙත ගොස් තිබේ.

දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලය සදහා මෙම ඇතා ලබාදී ඇත්තේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාය.

ඒ 1989 වසරේදීය.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක 49 හිමි මෙම හස්තියා 2015 වසරේ සිට දෙවුන්දර දේවාල භූමි පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගොස් නොමැත.

ඊට හේතුව ලෙස දේවාල බලධාරීන් ප්‍රකාශ කරන්නේ මෙම හස්තියා දරුණු ආකාරයෙන් හැසිරීම හේතුවෙන් එසේ පිටතට රැගෙන ගොස් නැති බවයි.

වසර හතරක් තිස්සේ එකම ස්ථානයක යදම්ලා තැබීම හේතුවෙන් කලණගේ ඉදිරිපස දකුණු පාදය යදම්වලට කැපීමෙන් බරපතල ලෙස තුවාල සිදුවී තිබෙනවා. කලණ බලාගැනීම සදහා ඇත්ගොව්වෙකු ද මේ වනවිට නොමැති බව වාර්තාවේ.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us