‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ ජාතික ප්‍රදර්ශනය බදාදා ඇරඹෙයි Featured

Published in පුවත්
Sunday, 26 August 2018 09:41

ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්ගේ පාරාදීසයක් කිරීමේ අරමුණින් රජය මගින් ක්‍රියාත්මක ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ වඩා පුළුල්ව ජනගත කිරීමේ අරමුණින්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පුරෝගාමීව සංවිධානය කරන ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය’ලබන බදාදා (29) මොනරාගලදී ආරම්භ වේ.

ඒ අනුව මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල පිහිටි අක්කර 22ක භූමියක මෙමස 29 සිට 31 දා දක්වා පැවැත්වෙන මේ ප්‍රදර්ශනය මඟින් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ හා ‘සංහිඳියාව’ යන ප්‍රධාන කුලුනු මත සංවර්ධනය කටයුතු දියත් කෙරෙන ආකාරය පිළිබඳව ජන මනස අවදි කරවීම අපේක්ෂා කෙරේ.

ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය හා රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු මෙම ප්‍රදර්ශනය සඳහා සිය ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කරන අතර, දැනට ආරම්භ කර ඇති දැවැන්ත සංවර්ධන සංග්‍රාමයට අනුව වසර 2025 වන විට මෙරට ගොඩනැගෙන අන්දම පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට පිළිබිඹු කිරීමට එම ප්‍රදර්ශන කුටිවලට හැකි වෙතැයි අපේක්ෂා වී තිබේ.

සමස්ත ප්‍රදර්ශනය කලාප 12කින් සමන්විත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රදර්ශකයන් දෙසීයකට වැඩි පිරිසකගේ දායකත්වයෙන් ප්‍රදර්ශන කුටි 515කින් සමන්විතව පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ ප්‍රදර්ශනයට සමගාමීව ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන මඟින් මොනරාගල දිස්ත්‍රික්කය තුළ සංවර්ධන වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවෙන අතර මාර්ග, වැව් අමුණු සංවර්ධනය, ජල සම්පාදන යෝජනා ක්‍රම, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා, පාසල් සංවර්ධනය, නිවාස අලුත්වැඩියාව, ඉඩම් ඔප්පු ප්‍රදානය වැනි සංවර්ධන ව්‍යාපෘති රැසක් එහිදී ක්‍රියාවට නැංවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us