උදයංග තවම නිවාස අඩස්සියේ. කුදලාගෙන ඒමට පොලිසිය අදිමදි කරන බවට චෝදනා

Published in පුවත්
Friday, 09 February 2018 16:54

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග තව දුරටත් බුබායි හී රඳවාගෙන තබාගෙන සිටින බව එරට ආරංචි මාර්ග පවසයි. ඔහුගේ ගමන් බලපත්‍රය එරට බලධාරීන් අත් අඩංගුවට ගෙන තිබෙන අතර උදයංගට එරටින් පිටවීම තහනම් කර ඇත.

ඊයේ දිනයේදී තමන්ට චෝදනා නැති බවත් තමන්ව නිදහස් කර ඇති බවටත් ෆේස් බුක් සටහකන් ඔහු විසින් දැමූ නමුදු ඒ සත්‍ය නොවේ.

ඩුබායි රජය හා ශ්‍රීලංකාව අතර වන රාජ්‍ය තාන්නත්‍රික සබඳතා හි ගැටලුවක් නිසා ජාත්‍යන්තර රතුවරෙන්තු උදයංගට එරෙහිව නිකුත් කර තිබුණද ඔහුව මෙරට අත්අඩංගුවට පත්කිරීම නෛතික ගැටලුවක්ව තිබේ.

ඒ කෙසේ නමුත් උදයංගව අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් කටයුතු කිරීමට මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් එරටට මේ වන විට ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් පොලිසියේ ඉහළ නිළධාරීන් රාජපක්ෂ පවුල හා පවත්වන රහසිගත සම්බන්ධතා මත රාජපක්ෂ පවුලට එල්ල වී ඇති චෝදනා මඟ හැර යෑමට හැකි වූ අවස්ථා ගැනද චෝදනා තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන්ද පොලිසියේ හැසිරීම සැක කටයු‍තු බවත් තතු දත් ආරංචි මාර්ග පවසයි.

එසේම රාජපක්ෂ පවුලේ චෝදනා එල්ල වී ඇති සාමාජිකයන් සම්බන්ධයෙන් පොලිසියට ස්වාධීනව කටයුතු කිරීමට ඇති අවස්ථා ඇහිරීමට ඉහල දේශපාලන බලපෑම් එල්ල වී තිබෙන බවත් පොලිසියෙන් ඇසෙන කතාවකි. මිග් යානා ගනුදෙනුවේ අනෙක් චූදිතයා ගෝඨාභය රාජපක්ෂය. ගොඨාබයට අත්අඩංගුවට පත් නොවී සිටීමට අමරිකාවට පලායන ලෙස උපදෙස් දී තිබුනේ ජනාධිපතිවරයා විසින් බවට බස්නාහිර මහ ඇමැති ඉසුර දෙවප්‍රිය පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයකින් හෙළි කර සිටියෙය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us