ලංගම ලාබයි....සේවකයන් 35,000 කට රු. 5000 ගානේ බෝනස්

Published in පුවත්
Tuesday, 19 December 2017 12:42

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මේ වසර තුල රුපියල් කෝටි 200කට අධික ලාභයක් ඉපයීමට සමත්ව ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

පසුගිය වසරේ රුපියල් කෝටි 550ක් පාඩු ලැබූ ගමනගාමන මණ්ඩලය මේ වසරේදී ලාභ ඉපයීමට සමත් වී තිබේ. එබැවින් මේ වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සේවක, සේවිකාවන් 35,000ක් සඳහා ප්‍රසාද දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත. ගමනාගමන මණ්ඩලය ගෙවීමට තිබූ රුපියල් කෝටි 1,500ක ණය මුදලද ගෙවා දැමීමට හැකි වූ බව ඇමැතිවරයා සඳහන් කරයි.

“ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉතිහාසයේ පළවෙනි වරට සේවකයින්ට රුපියල් 5000ක් බෝනස් මුදලක් ලබා දීමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීන්දු කරලා තියෙනවා… මෙතෙක් මෙම බෝනස් මුදල ලබා දුන්නේ රුපියල් 1000ක්… ඉතිහාසයේ පාඩු ලැබු ගමනාගමන මණ්ඩලය දැන් ලාභ ලබන තත්වයට පත්වෙලා තියෙනවා… පසුගිය වසරේ පමණක් පාඩුව කෝටි 550ක් පමණ වුණා… නමුත් මේ වසරේ දැනට ලාභය කෝටි 200කට වැඩි වෙලා තියෙනවා… 35,000ක් පමණ වන සේවකයන්ට නව වසරේ බෝනස් මුදල රුපියල් 5000ක් අපි ලබා දෙනවා… ලංකාවේ අපි මේ රජය බලයට පත් වුණාට පාරිතෝෂික මුදල් ගෙවලා තිබුණේ නෑ… ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලයේ කෝටි 1500ක ණයක් තිබුණා… සේවක අර්ථසාධක අරමුදල්, භාරකාර අරමුදල් සහ පාරිතෝෂික මුදල් ගෙවලා තිබුණේ නෑ… ඩිපෝ 105න් බහුතරයකට පඩි ගෙවලා තිබුණේ නෑ… දැන් ඩිපෝ 105ම පඩි ගෙවනවා නියමිත වෙලාවට… ඒ වගේම පාරිතෝෂික මුදල් සියල්ලම ලබා දීලා තියෙනවා…”

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us