මුදල් ඇමැතිකම ගැන තීරණය අද රාත්‍රියේ - රවීව අයින් කරන්න ශ්‍රිලනිප එජාප මන්ත්‍රීන්ගෙන් දැඩි බලපෑම්

Published in පුවත්
Tuesday, 24 January 2017 15:22

අද (24) රාත්‍රියේ දී ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා, රවී කරුණානායකගේ මුදල් අමාත්‍යධුරය සම්බන්ධයෙන් තීරණාත්මක සාක්ච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලනීප ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මුදල් අමාත්‍ය රවී කරුණානායකව වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලන පෙත්සමක් ජනාධිපතිවරයාට භාරදීමට ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන මන්ත්‍රී කණ්ඩායමක් මේ වන විට සුදානම් කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රකාශකයෙක් පැවසීය.

මුල්‍ය අක්‍රමිකතා සහ බලය අවභාවිතයේ යෙදවීම සම්බන්ධව රවී කරුණානායක අමාත්‍යවරයා වෙත එල්ලවී ඇති චෝදනා ඉතා බරපතල බවත් එම චෝදනා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ථ ආණ්ඩුවට අපකීර්තියක් බවත් එම පෙත්සමේ සඳහන් කරන බවත් ඒ හේතුවෙන් තවදුරටත් මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක සමඟ කටයුතු කිරීමට නොහැකි බවත් එම පෙත්සමේ සඳහන් කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගියදා ජනාධිපතිවරයා හමුවූ එජාප මැති ඇමැතිවරු පිරිසක්ද මෙම ඇමැතිවරය සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ඉල්ලා තිබිණි. එහිදි ජනාධිපතිවරය පවසා තිබුණේ අග්‍රාමාත්‍යවරයා එය මුලින් තීරණය කළ යුතු බවය.

මේ වන විට ඒකාබද්ධ විපක්ෂය විසින් එළිදක්වා ඇති වත්මන් ආණ්ඩුවේ top 10 හොර ලැයිස්තුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක දෙවැනි ස්ථානය ලබා සිටින බවත් ඔහුව මුදල් ඇමති කළ අග්‍රාමාත්‍යවරයාවද එම ලැයිස්තුවට ඇතුලත්වීම සම්බන්ධව මුදල් අමාත්‍යවරයාද වගකිව යුතු බවත් පැවසු එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ තවදුරටත් රවී අමාත්‍යවරයටම එම අමාත්‍යංශයේ කටයුතු කිරීමට ඉඩකඩ ලබාදුනහොත් ජනාධිපතිවරයාගේ නමද එම ලැයිස්තුවට ඇතුලත්වීමේ අවධානමක් ඇති බවය.

 

රවීව අයින් කරන්න, එජාප ඇමැතීන්ගෙන් ජනපතිට යෝජනාවක්

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us