පාද යාත්‍රාවට යූඑන්පියෙන් සෙනඟ !

Published in පුවත්
Saturday, 30 July 2016 11:01

මහින්ද රාජපක්ෂගේ පාද යාත්‍රාවට බලාපොරොත්තු තරම් පිරිසක් සම්බන්ධ නොවීම නිසා , එජාපයේ බලාපොරොත්තු බිඳ වැටී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය හා මහින්ද පාර්ශ්වය අතර වන ගැ‍ටුම මත ශ්‍රීලනිපය දෙකඩවීමක් එජාපය බලාපොරොත්තු විය. මෙවර පාදයාත්‍රාව එහි තීරණාත්මක සංසිද්ධියක් වනු ඇති බවට එජාපය බලපොරොත්තු විය.

එහෙත් හාර දහස් ඉක්මවන තරමින් හෝ මෙම පාද යාත්‍රවාට පිරිස සම්බන්ධ නොවීමත් ඊට පොදු මහජන ආකර්ෂණයක් නොමැති වීමත් හේතුවෙන් එජාපය බලාපොරොත්තු වූ දේශපාලන ජයග්‍රහණය තවත් කල් යමින් තිබේ. ඉදිරි පලාත්පාලන මැතිවරණය ආසන්නයේදි තනිව ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනිමට එජාපය මේ දිනවල වෙහෙසෙමින් සිටී. පලාත් පාලන මැතිවරණයේදී දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනිමද එජාපයේ බලාපොරොත්තුව වන අතර ඒ වෙනුවෙන් ශ්‍රි ලනිපය දෙකඩ කිරීම විය යුතුව තිබේ.

කෙසේ නමුත් මේ තත්වය මත මෙම පාද යාත්‍රාව සාර්ථක කරවීම සඳහා එජාප පාක්ෂිකයන් සහභාගී කරවීම ද අද දිනයේදි සිදුවිය හැකිව තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා එජාපයේ මෙම වැඩ පිලිවෙල සමඟ එකඟව කටයුතු කරන බවත් ඔහුව සඳුදා රිමාන්ඩ් බාරයෙන් මුදවා වීරයකු ලෙස රාජපක්ෂවරුගේ පාද යාත්‍රා අවසන පැවැත්වෙන ‍රැලියට සහභාගි කරවීමේ සැලසුමක් ගැනද අප විසින් පසුගියදා වාර්තා කළෙමු.

Last modified on Saturday, 30 July 2016 11:08

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us