ශ්‍රීලංකන් ගුවන් යානා පකිස්ථානයට බදු දෙන්නේ හොර පාරකින් ලු Featured

Published in පුවත්
Wednesday, 27 July 2016 12:38

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් A 350 ගුවන්යානා කුලී පදනමින් පකිස්තාන් ගුවන් සේවයට ලබා දීමේ ගනුදෙනුව සැකසහිත බව ගුවන්සේවා ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙම ගනුදෙනුවේදී කිසිඳු ටෙන්ඩර් කැඳවීමක් හෝ පිළිගත් ක්‍රමවේද කිසිවක් අනුගමනය කර නැති අතර ඒ වෙනුවට සෘජුවම පකිස්ථාන් ගුවන් සමාගමට A 350 ගුවන්යානා සැපයීම සම්බන්ධව සාකච්ඡා සිදුව ඇත. මෙම ගනුදෙනුවේදී පවතින වෙළඳපොල බදු කුලී මිල ගණන් සලකා නැති බවත් ඒ වෙනුවට පකිස්ථාන ගුවන් සමාගමට වාසි සහගත වන අයුරින් ගනුදෙනුව තීන්දු කර ගෙන ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

අදාළ ගනුදෙනුව නිශ්චිතවම අගෝස්තු මාසය තුළ සිදුවන බව පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ව්‍යාවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍යවරයාද දැනුම් දුන් අතර පකිස්ථාන ගුවන්සේවයද මේ බව තහවුරු කර තිබේ.

මෙහිදී මතුවන ගැටලුව නම් මෙසේ අඩු බඳු පොලියකට පකිස්තානයට දෙන්නට යන ගුවන් යානා වෙනුවෙන් මේ වන විටත් මාසයකට ඇමරිකානු ඩොලර් මිලියන 1.4 කට ආසන්න බදු මුදලක් අප ගෙවමින් සිටීමය. මෙම යානා කල්බදු ක්‍රමයට ඇනවුම් කළ එයාර් බස් සමාගමට මෙම මුදල් ගෙවමින් තිබේ.

පකිස්තානයට මේ යානා සැපයීම තුළ ඊට අදාළ ටෙන්ඩර් කැඳවීමක් සිදුව නැති අතර මෙම ගනුදෙනුව හරහා රටට කීයක් ලැබෙනවාද? යානා ලබාදෙන්නේ කොපමණ කාලයකටද ? මාසික බදු පොළි අනුපාතය කොපමණද? වටිනාකම් තක්සේරු කළ ආයතනය කුමක්ද ? යන කාරණා පමණක් නොව මේ අතර මැදි පාර්ශ්වය කවුද යන්න වත් මෙතෙක් හෙළිකර නැත. එහෙත් මෙවැනි විශාල ගනුදෙනු වලදී අතර මැදියනට ගනුදෙනුවේ වටිනාකමින් 3%-5% අතර කොමිස් මුදලක් හිමිවෙයි. අනෙක් අතට අප මේ මොහොතේ ගෙවමින් සිටින මුදලට වඩා අඩු මුදලකට පකිස්තාන් ගනුදෙනුව සිදුව තිබේ නම් එම ගනු දෙනුව ගැන සැක සංකා මතුවීම සාධාරණය. එමෙන්ම මෙම ගනු දෙනුව සම්බන්ධයෙන් අගමැතිවරයා ද පූර්ණ දැනුවත් භාවය නොමැති බවත් ඔහුටත් කොළේ වහලා ගසන ඩීල් එකක් බවත් මේ සම්බන්ධයෙන් තතු දත්තෝ පවසා සිටිති.

ශ්‍රී ලංකන් ගුවන් සේවය යනු එදා පැවති රාජපක්ෂ පවුලේ සුඛෝපභෝගී ජීවිත ගත කිරීම සඳහා වියපැහැදම් සොයා ගත් තැනක් වූ අතර එම හේතුව නිසාම අද කෝටි 15000 අධික අලාභයක් සහිතව මෙම ගුවන් සේවය පවත්වා ගෙන යෑමට සිදුව තිබේ.
ඒ කෙසේ නමුත් එම පාඩු ගිණුමට යහපාලනයේ මේ පකිස්තානු ගනුදෙනුවද ඇතුලත් නොවිය යුතුය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us