මෛත්‍රීව දෙයියන්ට ඇන්දුව වීඩියෝව ධනුෂ්ක රාමනායකගේ වැඩක් !

Published in පුවත්
Monday, 11 January 2016 14:17

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාතිය වෙනුවෙන් නිර්මාණය කර තිබූ ගීතය සහ වීඩියෝව සම්බන්ධව මූලික වී කටයුතු කර තිබෙන්නේ ජාතික හෙල උරුමයේ චම්පික රණවක ඇමැතිවරයාගේ හෙංචයියකු වන ස්වාධීන රුපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක මහතා බව එම ආයතන ආරංචි මාර්ග පවසයි.


මෙම මරි මෝඩ තකතීරූ කටයුත්ත නිසා රාමනායක මහතාට තනතුරද අහිමි වීමට නියමිත බවත් පැවසේ. මේවන විට ලක්හඬ ගුවන් විදුලියද වලපල්ලට යවා තිබෙන ධනුෂ්ක රාමනායක වැනි ජාතිවාදී අති පණ්ඩිතයන් පැමිණ ස්වාධීන රූපවාහිනිය පමණක් නොව මේවන විට ජනාධිපතිවරයගේ ප්‍රතිරූපය මුලුමනින්ම වනසා දමා ඇති බවට ස්වාධීන රූපවාහිනී සේවකයෝ පෙන්වා දෙති.

එමෙන්ම නිර්මාණාත්මක අතින්ද ඉතාමත් බාල මෙම වීඩියෝව සැකසීම සඳහා සම්බන්ධ කර ගත් අරෝෂ ප්‍රනාන්දු හා අනුර මාධව ජසේකර යනු පසුගිය ජනාධිපතිවරණයේදීත් රාජපක්ෂගේ කිරිපල්ල යට වැටෙන යමක් බුදිමින් සිටි වුන්ය. ඔවුන් ලවා ධනුෂ්ක රාමනායක විසින් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට හානිවන කටයුත්තක් කිරීමද සැකයට තුඩු දෙන්නක් වී ඇති අතර ඒ සම්බන්ධයෙන්ද වෙනම පරීක්ෂණයක් කිරීම කෙරෙහී ජනාධිපති කාර්යල මට්ටමෙන් සූදානම් වන බවත් දැන් ගැනීමට තිබේ.

මෙම වීඩියෝව ස්වාධින රූපවාහිනියේ දින කිහිපයක් විකාශය විය. එමෙන්ම එහි පිටපත් අනෙක් රූපවාහිනී මාධ්‍ය ආයතන වලටද නිකුත් කිරීමට කටයුතු කර තිබූ අතර ඔවුන් කිසිවකුත් ඒ විකශය සිදු නොකළේය. ජාතික රුපවාහිනියේ සභපති රවී ජයවර්ධන මහතා වෙත මෙම වීඩියෝවෙ පිටපතක් යොමුකර තිබු අතර ඔහු ඒ නරබා ජනාධිපති කාර්යාලයෙන් විමසා තිබුණේ මේ වීඩියෝව හදපු පිස්සා කවුද යන්න  බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. එය විකාශය කිරීම කළ නොහැකි බව ඔහු දන්වා ඇති අතර එහි පිටපතක් ජනාධිපති කාර්යාලයට ද පසුව ලැබී  තිබිණි. ඉන් පසුව එය ස්වාධීන රූපවහිනියේ විකාශය වීම හා අන්තර්ජාලයෙන්ද ගලවා දමන ලෙසද නියෝගයක් ජනාධිපති කාර්යාලය ලබා දි ඇති බවත් දැන ගැනිමට ඇත. එමෙන්ම මේවන විට අරෝෂ ප්‍රනාන්දු හා මෙම ගීතයට නිමැවීමට දායක වුවන් තම තමන්ගේ ෆේබුක් ගිණ්නුම්වල තිබු ඡායාරූප හා විස්තරද මේවන විට ඉවත් කර ගෙන තිබේ. ධනුෂ්ක රාමනායක සිය පක්ෂයේ නායකයන්ගේ උපදෙස් අනුව නිමාණය කළ මේ ගිතය නිසා ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට වූ හානිය ඉතා බරපතල බව සාමාන්‍ය මහ ජනතාව පවා පවසති.

කෙසේ නමුත් අප විසින් මීට පෙර පුවතකින්ද පෙන්වා දෙනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වටා සිටින තකතීරූ උපදේශකයන්ගේ බහුබූත වැඩ නිසා ඉතා විශාල හානියක් ජනධිපතිවරයා විසින් සිදුකර ගනිමින් තිබෙන බවය.

ජනාධිපතිවර්යගේ පදවි ප්‍රප්තිය සම්බන්ධයෙන් සිදු කෙරුණු කටයුතු හා සැලකීමේදී ඔහු විසින් නව ව්‍යවස්ථාවක සැකසීම සම්බන්ධයෙන් පසුගිය දා පාර්ලිමේන්තුව අමතා කළ ප්‍රකාශය හි සාධනිය කරුණු කාරණා කිහිපයක් මතු කර තිබිණි. නමුත් පරස්පරතා වලින් ගහනය. විශේෂයෙන්ම සිංහල ජාතිවාදීන් හමුවේ ජනාධිපතිවරයා දක්වන බියගුලු බාවය එම කතාව තුලින්ද මූර්තිමත් විය.

ඊට පෙර දින වූ ජනපති පදවි ප්‍රාත්තියේ වර්ණාලෝකයන් හා ප්‍රසස්ති ගායනා ඔහුගේ මනස අවුල් කළාද කියන්න අප දන්නේ නැත. නමුත් ජනාධිපතිවරයා ලෙස මීට වඩා වගකීම සහගතව රටේ සියලු ජනකොටස් හී වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටීම විය යුතුව තිබේ. ඊටත් වඩා ඔහු වටා සිටින බහු බූත උපදේශකයන්ගේන් ප්‍රවේසම් විය යුතුය.

 
Last modified on Monday, 11 January 2016 14:54

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us