දකුණේ විද්වත් කතිකාව තුලත් දෙමළා දෙමළාමය.- ජයපාලන්

Published in පුවත්
Sunday, 13 December 2015 09:44

ශ්‍රී ලංකාවට ඒමට අවසර නොලද ප්‍රවීණ දෙමළ කිවියර ව.අයි.ස. ජයපාලන්ට රටට එන්නැයි රජය ප්‍රසිද්ධියේ ඇරියුමක් කළ ද ඔහුට එරෙහිව පනවා ඇති තහංචි ඉවත් කිරීමට බලධාරින් ක්‍රියාකර නැති බව හෙළි වේ.

සිංහලට නගන ලද ස්වකීය නිර්මාණ එකතුවක් එළිදක්වන අවස්ථාවට සහභාගී වීම සඳහා ජයපාලන් මහතාට විසා බලපත්‍රයක් දීම ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම පිළිබඳ 'රේඩියෝ ගගන' වෙබ් අඩවිය කල හෙලිදරව්වකින් අනතුරුව, විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා සිටියේ කවියාට ලංකාවට පැමිණෙන ලෙස තමන් ‘විවෘත ආරාධනයක්’ කරන බවයි.

ශ්‍රී ලාංකික දෙමළ කවියේ පුරෝගාමියකු ලෙස සැළකෙන වී.අයි.එස් ජයපාලන් මහතාට වීසා නොදී සිටීම පිළිබදව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් විදේශ අමාත්‍යාංශ ලේකම්වරියට නියෝග කළ බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මිට ඉහත දී ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත පැවසිය.

නැවතත් වීසා අයදුම්පතක් ?

අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසු ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධානියකු නැවතත් වීසා අයදුම්පතක් යොමු කරන්නැයි ජයපාලන් මහතා ගෙන් ඉල්ලා ඇත.

නමුත් එය ප්‍රතික්ෂේප කරමින් ජයපාලන් පවසා ඇත්තේ තමන් මුලින් යොමුකළ අයදුම්පතට ප්‍රතිචාර දක්වන ලෙසයි.

ප්‍රථම වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ජයපාලන් මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ ඔහුට ඒ වන විටත් ‘නේවාසික වීසා‘ ඇති බැවින් අයදුම්පත්‍රය ප්‍රතික්පේෂ කරන බවයි.

ඒත් එවැනි ‘නේවාසික විසා‘ ජයපාලන් සතුව තිබි නැත.

අසාදු ලේඛනයේ :

දෙවැනි වතාවටත් ඔහුට වීසා ඉල්ලන්නැයි කියූ නිලධාරියාගෙන් ජයපාලන් මහතා මේ පරස්පරය ගැන විමසූ විට එකි නිලධාරියා පවසා ඇත්තේ, මුල් අයදුම්පත ප්‍රතික්ෂේප කෙරුණු සත්‍ය හේතුව රාජපක්ෂ පාලනය විසින් 2013 වසරේ ජයපාලන් රටින් පිටුවහල් කිරීමේදී ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අසාදු ලේඛනයට ඇතුළත් (Black list) කර තිබීම බවයි.

ජයපාලන් මහතා 'රේඩියෝ ගගන' ට ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට රටට එන්නැයි ඇරියුම් කළ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මුලින් කළ යුතුව ඇත්තේ තමන්ගේ නම අසාදු​ ​ලේඛනයෙන් ඉවත් කිරීම හා සිය ගමන් බලපත්‍රයේ නේවාසික වීසා මුද්‍රා තබා ලීමට ශ්‍රී ලංකා දුත මණ්ඩල නිලධාරීන්ට උපදෙස් දීම බවයි.

එසේම ඔහු ශ්‍රී ලංකික සිංහල සාහිත්‍ය කලාකරුවන්ට සහ සිවිල් ක්‍රියාකාරිකයන් වෙත විවෘත ඇරියුමක් කරමින් කියා සිටියේ තමන් සියරට ඒම ගැන විශේෂයෙන් ඔවුන්ටද මැදිහත් විය හැකි බවයි.

දෙමළකම‘ ගැන ආකල්පය :

තම පිටුවහලේදී ඔවුන් තවදුරටත් නිහඬව ඉන්නේ නම් එයින් ගම්‍ය වන්නේ තමාගේ ‘දෙමළකම‘ ගැන ආකල්පය අවම වශයෙන් දකුණේ විද්වත් සමාජ කතිකාවේ පවා වෙනස් වි නැති බව උපකල්පණය කරන්නට තමාට සිදුවන බවයි.

එසේ වුවහොත් එවන් තැනකට ඒමට උත්සාහ නොගෙන ජීවිතේ ඉදිරි කාලයත් මෙසේම ගෙවා දමන බවද ඔහු මහත් සංවේගයෙන් යුතුව 'රේඩියෝ ගගන' ට ප්‍රකාශ කළේ ය.

කිවියර ජයපාලන් නොමැතිවම ඔහුගේ නිර්මාණ එකතුව සිංහල කලාකාර සහභාගිත්වයෙන් යාපනයේදී එලි දක්වා තිබුණි.

(radiogagana.com)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us