2012 සිට සිදු කෙරෙන මුහුදු පැලෑටි ජාන කොල්ලයක් ගැන තොරතුරු හෙළිවේ

Published in පුවත්
Saturday, 12 December 2015 21:33

මෙරට මුහුදේ මෙරටට ආවේනික පැලැටී වර්ගවල ජාන ලබාගෙන ජපානයට හොර රහසේ රැගෙන යන රාජතාන්ත්‍රික නිළධාරියකු ගැන තොරතුරු අනාවරණය වී තිබේ. මෙරට ජපාන තානාපති කාර්යාලය හා සම්බන්ධව ඉහළ තනතුරක් දරණ මෙම පුද්ගලයා හිටපු  ක්‍රීඩකයකු මෙන්ම මේ රටට වාහන අපනයනය කිරීම ඇතුලුව විශාල පරිමාණයේ ව්‍යාපාර කිහිපයක්ම සිදු කරන්නකුද වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් රාජපක්ෂවරුන්ට දැක්වූ හිතෛෂීභාවය නිසා ඔහුට මෙම තනතුර ලබා දී ඇත. ඔහුගේ බිරිඳද ජපන් ජාතික කාන්තාවකි.

කෙසේ නමුත් තනාපති අංශ නිලධාරියකුට හිමි වරප්‍රසාද භාවිතා කොට මෙම ජාන මෙරට ක‍ටුනායක ගුවන් තො‍ටුපොලින් හොර රහසේ ජපානයට ‍රැගෙන යාම මොහු විසින් පෞද්ගලිකවම මැදිහත් වී සිදු කර තිබේ. මේ වෙනුවෙන් ජපාන සමාගමක් ඔහුට මිලියන් ගනනින් ගෙවීම් සිදු කර තිබෙන බවද අනාවරණය වී ඇත.

වසර ගනනාවක් පුරා සිදුව තිබෙන මෙම ජාන මංකොල්ලය සැලසුම් කර ඇත්තේ 2012 වසාරේදී මෙරට මුහුදු පැලැටි හා ජලජ ජීවී සංවර්ධනය මුල් කොටගෙන ජපානය හා සිදු කෙරුනු ව්‍යාපෘතියක් අතරතුරදීය. මෙම ව්‍යාපෘති සඳහා එවකට ධීවර ඇමැතිව සිටි රාජිත සෙනාරත්න මහතාගේ හා දේශිය වෛද්‍ය ඇමැතිව සිටි සාලින්ද දිසනායකගේ පූර්ණ සහය ලැබී තිබේ. එම කාලයේදී '‍ටුනා කින්' නැමැති ජපාන ව්‍යාපාරිකයා මෙරටට ගෙන ආවේද මොහු විසින්ය.

මේ සම්බන්ධයෙන් මේවන විට ඉහළ මට්ටමේ පරීක්ෂණයක් අරම්බ වී ඇති බවත් දැනගන්නට ලැබී තිබේ. එහෙත් යහපාලන රජයේ නීතිය අතට ගෙන කටයුතු කරන ප්‍රබලයන්ගේ සහය ඔහු හට ලැබී තිබෙන බැවින් මෙම පරීක්ෂණ වලින් කිසිවක් සිදු නොවනු ඇති බව එජාපයට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

japan-genetic-1

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us