අලි ජාවාරම් කළ කහකඩධාරීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි ?

Published in පුවත්
Saturday, 12 December 2015 12:34

උඩුවේ ධම්මාලොක හා කොළොන්නාවේ සුමංගල නම් කහකඩධාරීන් දෙදෙනා අලි ජාවාරම් කර තිබෙන බව මේ වන විට සියළු සාක්ෂි සමඟ ඔප්පු කිරීමේ හැකියාව අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුව සතු බව දැන ගැනීමට තිබේ. එහෙත් මේ කහකඩධාරීන් අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවැරීම සිදුකිරීම තව දුරටත් ප්‍රමාද වෙමින් තිබේ.

ජාවාරම්කාරයන් වූවත් මේ කහකඩධාරීන් අත් අඩංගුවට ගැනීම, සිංහල බෞද්ධයන් තුල විශාල කැළඹීමක් හටගැනීමට හැකි බව කියමින් මොවුන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමට යහාපාලනේ ජාතිකවාදී ප්‍රබල ඇමැතිවරයකු බලපෑම් කරමින් සිටින බවත් වාර්තාවන නමුත් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මේවන විට අලි පැටවුන් 16 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු නිම කර ඇති බැවින් ඊට සම්බන්ධ සියළු දෙනාවම අත් අඩංගුවට ගෙන නඩු පැවැරිය යුතු බවය.

එමෙන්ම මෙම කහකඩයන් අත් අඩංගුවට ගැනීම ප්‍රමාද කිරීමේ උත්සාහයක් ගැනීමට ආණ්ඩුවේ ප්‍රබලයා උත්සහ ගන්නේ නුදුරේ සිදුවීමට නියමිත අධිකරණ විනිසුරු මාරුවෙන් පසුව මෙම අලි ජාවාරම සම්බන්ධයෙන් මේවන විට කටයුතු කරන විනිසුරුවරයා වෙනුවට එතැනට පත්වීමට නියමිතව සිටින ක‍තෝලික විනිසුරුවරිය පැමිණෙන තුරුය. එවිට කහකඩධාරීන් අත්අඩංගුවට ගැනීම ආගමික ගැ‍ටුමක් දක්වා දුර දිග ගෙනයාමට හැකි බව මේ කුමත්‍රණකාරී ඇමැතිවරයා හා එම කණ්ඩායමේ මත වී ඇත.

Last modified on Saturday, 12 December 2015 12:40

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us