එජාපය දෙකට කඩා අලුත් පක්ෂයක් හැදිමේ කොන්ත්‍රාතුව තිස්ස බාරගෙන

Published in පුවත්
Saturday, 12 December 2015 12:02

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන් හා පක්ෂය කෙරෙහි මේවන විට කලකිරී ඇති ජේෂ්ඨයන් ඒකරාශී කරගනිමින් අලුත් එක්සත් ජාතික පක්ෂයක් ගොඩනැගීමට එ.ජා.ප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මේ වන විට සූදානම් වෙමින් සිටී.

මේවන විට මැතිවරණ ලේකම් කාර්යාලයේ ලියා පදිංචි කර තිබෙන දේශපාලන පක්ෂයක් මිළදී ගෙන නව පක්ෂය ආරම්බ කිරීමේ සැලසුමක්ද ක්‍රියාත්මකව ඇත. එජාපය දෙකඩ කිර එහි නායකත්වය වෙනස් කිරීම සඳහා දීර්ග කාලයක් තිස්සේ නියැලී සිටින කණ්ඩායමක් මේ වෙනුවෙන් සියළු බර පැන දැරීමට එකඟව තිබේ. කෙසේ නමුත් එජාපය අභ්‍යන්තරයේ ඇති ගැ‍ටුම් නිසා මේ කටයුත්ත වඩා පහසු වන තත්වයක් ද උදා වී ඇත.

මෙවර එජාප ට වැඩි බලයක් සහිත ආණ්ඩුවක් පිහි‍ටුවූවද එක්සත් ජාතික පක්ෂය නායකත්වය තමන්ට සමීප සුළුතරයක් සඳහා තනතුරු හා වරප්‍රසාද ලබාදී ඇති බවත් එ.ජා.ප ය විපක්ෂයේ සිටියදී දේශපාලන පළිගැනීම් වලට ලක්වූ පිරිස් සඳහා සහන සැලසීමේ විධිමත් යාන්ත්‍රණයක් ද මේතාක් ආරම්භ කර නොමැත බවටත් පාක්ෂිකයන්ගෙන් චෝදනා එල්ල වීම, වර්තමාන එ.ජා.ප මහලේකම්වරයා සමග අඩුම තරමින් දුරකථන මගින් හෝ සම්බන්ධවීමට හෝ අවස්ථාවක් නොමැති බවට එ.ජා.ප පාක්ෂිකයන්ගෙන් විරෝධතා එල්ලවීම, ආදීය නිසා තිස්ස අත්තනායක මහතාගේ මෙහෙයුම මේවන විටත් සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇත. මේ සඳහා පසුගිය මහමැතිවරණයේදී එජාපයෙන් නාම යෝජනා ලබා තරග කර ජයගත් ප්‍රබල ඇමැතිවරයාකුගේ සහයද හිමිව ඇති බව දැන ගැනීමට ඇත.

පක්ෂයේ ඉතා අසීරු අවස්ථාවලදී පවා එවකට මහා ලේකම්වරයා වූ තිස්ස අත්තනායක මහතා එජාපය තුල ගැ‍ටුම් සමතයට පත් කිරීමටත් පාක්ෂිකයන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන ඕනෑම මොහොතක දුරකතනයෙන් වුව සම්බන්ධ කර ගැනීමේ හැකියාව ද තිබූ බව ප්‍රකට කරුණක් වන අතර මේ නිසා පක්ෂය හැර ගියද අත්තනායක මහතා කෙරෙහි ගරුත්වයක් එජාප පාක්ෂිකයන් තුල තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තිස අත්තනායක මහතා සත්හඬ පුවත්පතට පවසා ඇත්තේ "දේශපාලන පළිගැනීම් වලට ලක්වූ පිරිස් සඳහා සහන සැලසීම ඒ.ජා.ප ආණ්ඩුවක් යටතේ කඩිනම් ව කරන බව පැවසූවත් එම කතා සියල්ල මැතිවරණ සමයේ වේදිකාවල කෙරුණු කතා වලට පමණක් සිමා තිබෙනවා. එසේම ආණ්ඩුවේ ගමන් මග ගැනත් තමන්ට කුඩම්මාගේ සැලකිලි දැක්වීම ගැනත් කලකිරුණු ඒ.ජා.ප මැති ඇමතිවරුන් ගණනාවක් නව දේශපාලන පක්ෂයක් බිහිකරවා ගැනීම ගැන තීරණාත්මක සාකච්ඡාවල නිරතව සිටින.. " බවය.

"ඒ.ජා.ප සාමාජිකයන්ට අමතරව වෙනත් දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිත්වය ගැන කලකිරුණු පිරිස් මෙකි නව දේශපාලන පක්ෂය ගොඩ නැගීමට එක්ව සිටිනවා "යි ද අත්තනායක මහතා වැඩිදුරටත් පැවසයි..

"වත්මන් දේශපාලන ප්‍රවණතා තුල අලුතින් බිහිවන පක්ෂයකට තනිව නැගී සිටීමට අසීරුයි.එහෙත් මෙය වටා එක්වීමට එකඟතාව පල කර ඇති බලවේගවල ස්වභාවය හමුවේ මේ වෑයම වඩා ප්‍රබල වෑයමක් වනු ඇති " තිස්ස අත්තනායක මහතා බලාපොරොත්ටතු පළකර ඇත.

 

Last modified on Saturday, 12 December 2015 12:05

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us