අතුරුදහන්වූවන්ගේ පවුල්වල රැස්වීමට තර්ජන

Published in පුවත්
Monday, 04 August 2014 19:43

මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වෙමින් සිටි රැස්වීමකට භික්ෂූන් වහන්සේලා ඇතුළු කණ්ඩායමක් කඩා වැදී එම රැස්වීම කඩාකප්පල් කළ බව වාර්තා වෙයි.

ඇමෙරිකාව ඇතුළු විදේශ රටවල තානාපති නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වෙමින් සිටි බවද  වාර්තාවේ.

අද සඳුදා සවස රැස්වීම ආරම්භ වී පැයකට පමණ පසු භික්ෂූන් වහන්සේලා අටදෙනකුද ඇතුළත් යුතු කණ්ඩායම පැමිණ රැස්වීම නවත්වන මෙන් තර්ජනය කල බව එම රැස්වීමේ සංවිධායකයෙක්  කියා සිටියේය.

රාජ්‍යතාන්ත්‍රිකයන්ටත් තර්ජන

සිය සාකච්ඡාවට බාධා කළ පුද්ගලයන් අතුරුදහන් පුද්ගලයන්ගේ ඥාතීන්ට සහ විදේශ තානාපති නිලධාරීන්ට බැණ වැදුණ බවත් ඉහත කී සංවිධායකයා ප්‍රකාශ කළේය.

" අපි ඇමරිකාවෙන් මුදල් ලබන දේශ ද්‍රෝහීන් යයි පවසමින් ඔවුන් අපට බැණ වැදුණා " එම සංවිධායකයා පවසයි.

පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ලඟා වුවත් අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආරක්ෂාව ලබා දීමට නොහැකි නිසා එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස පොලිසිය පවසූ බවත් ඔහු කියා සිටියේය.

සාකච්ඡාවට සහභාගී වෙමින් සිටි කණ්ඩායමට මේ වන විට එම ස්ථානයෙන් පිටව යාමට හැකි වී ඇති බවත් වාර්තා වෙයි.

(බිබිසි සංදේශය)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us