බැංකු පොලී අනුපාතය ඉහළ යන ළකුණු

Published in පුවත්
Wednesday, 30 September 2015 21:01

වානිජ බැංකුවල පොලී අනුපාතය දෙගුණයකින් පමණ  ඉහළ යන බව මූල්‍ය වෙළෙද පොළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. හෙට දිනය තුලදී මේ තීරණය මහ බැංකුව ගනු ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මෙවන විට 6%ත් 7%ත් අතර තිබෙන සාමාන්‍ය බැංකු පොලී අනුපාතිකය දෙසැම්බර් මාසයවන විට 12% දක්වා ආසන්න ප්‍රමාණයකින් ලබන වසරේ මාර්තු මාසය වන විට 17 % දක්වා ද ක්‍රමයෙන් ඉහළ දැමීම සිදුවන බවත් වාර්තාවේ. මෙමඟින් වැඩි තැන්පතු මුදල් ප්‍රමාණයක් වානිජ බැංකුව වෙත ලබා ගත හැකිවනු ඇතැයි පැවැසේ.

එම තැන්පතු මුදල් මෙරට ආයෝජනය සඳහා යොදා ගැනීමට රජය අපේක්ෂාකරනු ඇති බවට මත පලවන මුත් පෞද්ගලික අංශයට ඇති ආයෝජන අවස්ථා ඇහිරීමත් මෙමඟින් සිදුවනු ඇති බවත් පැවැසේ.

වානිජ බැංකුවල තැන්පතු පොලී අනුපාතය වැඩි කළ විට ඉබේටම ණය පොලී අනුපාත වැඩි කළ යුතු වෙයි. මේ ආරංචිය මත මත අද දින ඇතැම් බැංකු ණය මුදල් ලබාදීම වාහන ලීසිං ලබාදීමද බැංකු හා සමාගම් විසින් තාවකාලිකව අත් හි‍ටුවා ඇති බවත් වාර්තාවේ.


කෙසේ නමුත් මේවන විට රජය මුහුණපා ඇති ආර්ථික අර්බූදයෙට විසඳීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ මේ සිදු කෙරෙන බවද පැවැසේ.පසුගියදා ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය විචලනය වීමට රජය ඉඩ දුන් අතර මේවන විට රුපියලෙහි අගය ස්ථාවර මට්ටමක පවතී.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us