නාමල්ගේ, සුජානිගේ වංචාව නිසා රග්බි තහනම් වන ලකුණු. හේමාස් එකටත් පොල්ලක්

Published in පුවත්
Wednesday, 30 September 2015 16:20

2014 වසරේ හබරාදුව පැවති කාල්ටන් රග්බ් සෙවන්ස් තරගාවලියට සඳහා විදේශ ක්‍රීඩකයන් මෙරටට ගෙන්වා ඇත්තේ ජාත්‍යන්ත්‍රතර ක්‍රීඩා තරග නීතිය අනුව එම ක්‍රීඩකයන් නියමිත පරිදි රක්ෂණාවරණයකට යටත් නොකොට බව හෙළිවී තිබේ.

රක්ෂණාවරණයක් එම තරගාවලියට ලබාගෙන ඇති බවට ව්‍යාජ ලියකියවිලි සකස් කොට ඇති බවත් මේවන විට හෙළිව ඇති අතර මෙම රක්ෂනාවරණයෙන් මුදල් ගෙවීම සිදුකරන බව පවසා ගාල්ල හේමාර්ස් සදර්න් පෞද්ගලික රෝහලෙන් ක්‍රීඩකයන් සඳහා ප්‍රතිකාර ලබා ගෙන එකදු සත පහක් හෝ නොගෙවා පොල්ලක් තැබීමටද නාමල් රාජපක්ෂලා කටයුතු කොට ඇත.

හේමාර්ස් සදර්න් පෞද්ගලික රෝහල ලබාදුන් වෛද්‍ය අවරණයට සහ ක්‍රීඩකයන්ට ලබාදුන් ප්‍රතිකාර සඳහා අයවිය යුතු රු: ලක්‍ෂ 04කට ආසන්න මුදලක් මේ වනතුරු කාල්ටන් රග්බි සෙවන්ස් සංවිධායකවරු රෝහලට නොගෙවා මඟහරිමින් සිටි.

කෙසේ නමුත් මෙම තරගාවලිය සංවිධානය කිරීම රාජපක්ෂලාගේ 'තාරුණ්‍යයට හෙටක්' හා 'සිලෝන් ප්‍රමියර් ස්පෝර්ට්' සමාගම (CSN) විසින් සිදු කරනු ලැබූවද එම සමාගමට එවැනි ජත්‍යනතර තරගාවලියක් සංවිධානය කිරීමේ නීතිමය හැකියාවක් නැත. එම නිසා නාමල්ගේ රග්බි ගුරුවරයා යැයි කියන අසංග සෙනෙවිරත්න සභාපති තනතුර දරූ ශ්‍රි ලංකා රග්බි සම්මේලනයේ ලිපි ශීර්ෂ යොදාගෙන මෙම තරගාවලියේ නීතිමය කටයුතු සිදු කර තිබිණි. ඒ අනුව මෙම තරඟාවලිය සඳහා විදෙස් තරඟකරුවන්ගේ රක්‍ෂණ ආවරණය සඳහා ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව රු: මිලියන 12 ක් වටිනාකමින් යුත් රක්‍ෂණාවරණ යෝජනාවක් ශ්‍රී ලංකා රග්බි සම්මේලන වෙත ඉදිරිපත් කර තරඟයට පෙර එම මුදල ගෙවන ලෙස දැනුම් දී ඇත. රග්බි සම්මේලනය මෙම මුදල ගෙවීම තබා ඒ දැන සිටියේද යන්න ගැනත් සැකයක් ඇති මුත් කාල්ටන් සංවිධායකවරු ඉතා සූක්‍ෂමව එම මුදල ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවට නොගෙවා එම රක්‍ෂණ යෝජනා ලියවිලි, වලංගු 'රක්‍ෂණ ඔප්පුව' බවට ඒත්තු ගන්වා ගාල්ල හේමාස් සදර්න් රෝහලෙන් තරගාවලිය සඳහා ක්‍රීඩා වෛද්‍ය ආවරණය සහ ආබාධ ඇති වූ ක්‍රීඩකයන්ට ප්‍රතිකාර ලබා ගෙන ඇත.

තරගාවලියෙන් පසුව රෝහල විසින් එම බිල්පත් ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවට ඉදිරිපත් කළද ඔවුන් එය ගෙවීම ප්‍රතික්ෂේප කර ඇත්තේ කාල්ටන් ආයතනය හෝ ශ්‍රී ලංකා රග්බි ආයතනය නියමිත මුදල ගෙවා රක්‍ෂණාවරනය ලබා නොගෙන ඇති බව පවසමිනි. (එසේවුවත් රක්ෂණ සංස්ථාවේ අනුග්‍රහයද මෙම තරගාවලිය සඳහා ලබාගැනීමට නාමල් බේබිලා සමත්ව තිබිණි.)

මේ පිළිබඳ හේමාස් ආයතනයේ නිලධාරීන් ඊමේල් මගින් මෙම වෛද්‍ය කටයුතු ආවරණයට සම්බන්ධ වූ කාර්ල්ටන් සෙවන් තරගාවලිය සංවිධානය කරනු ලැබූ සිලෝන් ප්‍රමියර් ස්පෝර්ට් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය වන්නේ සුජානී බොගොල්ලාගම මෙනවියට දැන් වූ විට එම බිල්පත් සඳහා ගෙවීම් සිදු කරන බව දන්වා ඊමේල් මගින් පිළිතුරු සපයා ඇත.

hemas-lankadaily--sujani

නමුත් කාල්ටන් ස්පෝර්ට්ස් මේ වනතරු මෙම මුදල නොගෙවා ඇත. එමෙන්ම තර්ජනය කිරීමක්ද සිදුව ඇති අතර, ජනවාරි 08 වන දිනෙන් පසුව දැන් මේ සුජානිද ආගිය අතක් නැත. 

සුජානි බොගොල්ලාගම මෙනවිය අභාවප්‍රාප්ත ජානක බෝගොල්ලාගම මහතාගේ දියණියක වන අතර නාමල් රාජපක්ෂ මිලියන 40 ක අල්ලස් ලබා ගත් බවට චෝදනා එල්ල වූ කූප්‍රකට ක්‍රිශ් ගනුවේද මැදිහත් කාරිණියකි. එමෙන්ම නාමල් ගේ අති සමීපතම මිතුරියකද වේ. නාමල්ගේ පෙරකදෝරූ සමාගමේද ඇය නීතිඥවරියක වේ.

මෙම තරගාවලිය සම්බන්ධයෙන් ඇති බරපතල කරුණ වන්නේ ශ්‍රී ලංකාව තළ ජාත්‍යන්තර ක්‍රීඩකයන් සහභාගී වන තරඟ සංවිධානය කිරීමට අවසර ඇති එකම ආයතන ශ්‍රී ලංකා රග්බි සම්මේලනයද මේ වංචාවට ඈඳී තිබීමය.

IRB හෙවත් ජාත්‍යන්තර රග්බි සංගමය මෙම තරගාවලියට අවසරය ලබා දෙනුයේ පූර්ව කොන්දේසි සමඟය. ඉන් ප්‍රධානම කරුණක් වනුයේ එම ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ රක්‍ෂණ ආවරණයයි. නාමල් රාජපක්‍ෂගේ රගර් පුහුණුකරුවා සිට ශ්‍රී ලංකා රග්බ් සම්මේලනයේ සභාපති වූ අසංග සෙනෙවිරත්නගේ පූර්ණ අනුදැනුම මත කාල්ටන් රග්බ් සෙවන්ස් සඳහා ශ්‍රී ලංකා රග්බ් සම්මේලනය මේ සඳහා මැදිහත් වී ඇති බව ලියකියවිලි අනුව ඔප්පු වේ. මේ අනුව ඉදිරියේදී මේ මුදල් වංචාව සම්බන්ධයෙන් සිදුවන නීතිමය කටයුතුවලදී රක්‍ෂණාවරනය නොමැතිව ශ්‍රී ලංකා රග්බි සම්මේලය ජාත්‍යන්තර ක්‍රීඩකයන් මෙරට තරග බිමේ තරගකරවා ඔවුන්ව ලක්කොට ඇති අවදානම සලකා ශ්‍රී ලංකාවට තරග තහනමක් පැනවීමේ ඇති බරපතල අවදානම නිතැතිම මතුවනු ඇත. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර රග්බි සංගමයට පැමිණිළිකිරීමට ද කණ්ඩායමක් සූදානමින් වෙමින් සිටී.

මීට පෙර ෆිජි ක්‍රීඩකයන්ට ශ්‍රී ලාංකික නම් පටබැද ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ලෙස භෞතීස්ම කොට සිදුකර ගත් අවමානය සහ දඩකෑමට නොදෙවැනි හානියක් මෙම රාජපක්‍ෂවරුන්ගේ තක්කඩි ක්‍රියා නිසා ශ්‍රී ලංකා රග්බි ක්ෂේත්‍රයට වනු ඇත.

එමෙන්ම එම මුදල ලබා ගැනීම සඳහා හේමාස් ආයතනද දැනට නීති මගින් කටයුතු කරගෙන යන අතර අල්ලස් හෝ දූෂණ කොමිසමට ද පැමිණිලි කිරීමට කටයුතු කරමින් සිටී.

hemas-lankadaily-1

hemas-lankadaily-insuvarence

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us