පසුගිය වසර පහක හයක පමන කාලයක් තිස්සේ මහින්ද රාජපක්ෂ මහතාත් ඔහුගේ අනුගාමිකයනුත් අතොරක් නැතිව කිව් කතාවක් විය. ඒ අනුව පසුගිය මාර්තු මාසයේදී මේ චෝදනා පත්‍රය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම එක්සත් ජාතින්ගේ මහ සැසිවාරයට ඉදිරිපත් කර මේ අපරාධකාරයින්ව කුදලාගෙන යාමට බලා සිටියහ.
එහෙත් යහපාලන ආණ්ඩුව ඒ සැප්තැම්බරයට කල් දමා ගත්තේය. ඒකෙන් මහ මැතිවරණයේදීද මේ විදුලි පුටු කතාවට වලංගු භාවයක් ලැබීණි.
දැන් මේ මස අවසානයේදී යුධ අපරාධ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. එහෙත් යහපාලන ආණ්ඩුවේ පිහිටෙන් විදුලි පුටුවට නොයා වැඩේ ගොඩින් බේරාගැනීමේ වාසනාවක් මහින්ද රාජපක්ෂට හා ඒ අපරාධ චෝදනා ලැබුවන්ට ලැබී ඇත. ඒ මේ චෝදනා සම්බන්ධයෙන් වන දේශීය යාන්ත්‍රණයක් හරහා ප්‍රශ්නය විසඳා ගැනීමට සම්මුතිවාදී ආණ්ඩුවල එක්සත් ජාතීන්ට එකඟ වීම නිසාය.
එහෙත් ඇත්ත වශයෙන්ම විදුලි පුටු කතාව තනිකරම බොරුවකි. යම් හෙයකින් යුධ අපරාධ චෝදනා සනාත වුවානම් රටට යම් ආර්ථික සම්භාධකයක් දෙකක් වැටීම හා රට අපකීර්තියට පත් වීම හැර වෙනත් කිසිවක් සිදුවීමට නියමිතව නොතිබිණි. එහෙත් රාජපක්ෂලා මැතිවරන ජයග්‍රහනය වෙනුවෙන් මෙරට මොඩ සිංහල බෞද්ධයා අන්දවා මේ බොරුව නිරන්තරයෙන් ප්‍රචාරය කළහ. ඒ බොරුවට ලක්ෂ 58 ක් අසුවීමත් සුලුපටු ප්‍රශ්නයක් නොවේ. ඒ වෙනම විසඳා ගත යුතු අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයකි.
ඒ කොහොම උනත් දේශීය යාන්ත්‍රණයෙන් අවුලක් වුණොත් මහින්ද රාජපක්ෂලාට අතයට ගානක් දී හෝ වැඩෙන් ගොඩ යෑමේ අවස්ථාවක් ද දැන් රාජපක්ෂ වරු ඉදිරියේ විවෘතවනු ඇත. වරදක් කළා නම් ඊට දඬුවම් ලැබීම විය යුතු නමුත් දේශීය යාන්ත්‍රණයෙන් අපරාධකරුවන් ආරක්ෂාවීම සිදුවේ නම් ඊට බලවත් විරෝධය දැක්විය යුතුය. මොකද රාජපක්ෂලාගේ කාලකණ්නි වැඩ නිසා අසාධාරණයට ලක් වූවන්ට යුක්තිය සාධාරණය ඉටුවිය යුතු බැවිනි.
කෙසේ නමුත් මේ නව තත්වයෙන් රටට වූ ලොකුම සහනය මන්තරයක් මෙන් ජප කරමින් සිටි විදුලි පුටු නාඩගමෙන් රට වැසියාගේ කන්දෙකට සහනයක් ලැබීමය. තවදුරටත් මේ විදුලි පුටු කතාව ජප කිරීම රාජපක්ෂලාට අවස්ථාවක් නැත. ඒ සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ස්තූති විය යුතුය.