විපක්ෂ නායකධුරය දෙමළ ජාතික සන්ධානයට දිය යුතුයි - ජවිපෙ

Published in පුවත්
Saturday, 29 August 2015 09:15

විපක්ෂ නායක ධුරය දැරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහි මධ්‍යම කාරක සභික නිහාල් ගලප්පත්ති මහතා කියා සිටියේ විපක්ෂ නායක ධුරය දැරීමට දැන් සදාචාරාත්මක මෙන්ම ව්‍යවස්ථාමය හිමිකම ඇත්තේ දෙමළ ජාතික සන්ධානයට බවය.


නෙත් ගුවන් විදුලියට අදහස් දක්වමින් ගල්ලප්ත්ති මහතා වැඩිදුරටත් පවසන්නේ දෙමළ ජාතික සන්ධානයට තරම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර සංඛ්‍යාවක් කිසිදු විපක්ෂයේ පක්ෂයකට හිමි වී නොමැති බවයි.

ජනතා විමුක්ති පෙරමුණට ද පාර්ලිමේන්තුවේ හිමි වී ඇත්තේ මන්ත‍්‍රී ධුර 6ක් පමණයි. ඒ නිසා විපක්ෂ නායක ධුරය දැරීමට ජනතා විමුක්ති පෙරමුණට ද බාධාවක් ඇතැයි ද ඔහු ප‍්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාෂක ඩිලාන් පෙරෙරා මහතාද 'සත්හඬ' පුවත්පතට අදහස් දක්වමින් පවසන්නේ විපක්ෂ නායකධුරය දෙමළ ජාතික සන්ධානයට දිය යුතු බවට ශ්‍රී ලනීපය තීන්දුවක් ගත යුතු බවය.

මේ අතර විපක්ෂනායකධුරය සම්බන්ධයෙන් ශ්‍රී ලනීපයේ තින්දුව ගැනීම බලය ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවරා තිබිණි. ජනාධිපතිවරයා ගේද බලාපොරොත්තුව දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය ලැබීම බව මීට පෙර වාර්තා විය

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us