බෙලිඅත්ත නගර සභා මැතිවරණයටත් මහින්ද එයි !

Published in පුවත්
Friday, 28 August 2015 17:17

ලබන වසරේ මාර්තු මාසයේදී පමණ පැවැත්වීමට නියමිත පලාත්පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනම සන්ධානයකින් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණු ආරංචි මාර්ග පවසයි.

මේ වන විට ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමඟ වන ඇයිහොඳැයිය අවසන් කරගෙන සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ වෙනම සන්ධානයක් ගොඩ නඟා එම මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ සැලසුමක් ක්‍රියාවට නගා ඇති අතර එහි නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට හිමි වනු ඇති බවත් පැවසේ. විමල් වීරවංශ මහතා එම සන්ධානය ගොඩ නැගීමෙහි මූලිකත්වය ගෙන තිබේ.

පළාත්පාලන ආයතන 335 ක් සඳහා එම ඡන්ද විමසීම සිදුවන අතර ඉන් බහුතරයක බලය අවසන් වරට එකසත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබිණි. මේ වන විට එම ආයතන 301 ක පාලන කාලයන් අවසන්ව පවතී.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා සමඟ නැගිටින්න ගිය බහුතරයක් මහජන නියෝජිතයෝ මේ පළාත් පාලන මන්ත්‍රීඑවරු වූහ. මහින්ද රාජපක්ෂ මහතාට වෙනම පක්ෂයක් තනාගෙන ඒ වෙනුවෙන් ඉදිරිපත්වන ලෙස එම මන්ත්‍රීවරුන්ගෙන් දැඩි ඉල්ලීමක්ද ඉදිරිපත්ව ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us