රටක් විදිහට ඉදිරියට යන්න අමාරුවෙයි!

Published in පුවත්
Wednesday, 19 August 2015 15:27

මෙවර පාර්ලිමේන්තුවට තේරුණු අය අතරේ මේ රට විනාශ කළ විශාල පිරිසක් සිටින බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.


එසේම රට ජයග්‍රහණය කිරීමට කටයුතු කළ විශාල පිරිසක් පරාජයට පත්වී ඇති බව
හෙතෙම කියා සිටියේ අද (19) මහර පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ තම ජයග්‍රහණය උදෙසා කැපවූ පාක්ෂිකයින්ට ස්තුතිය ප්‍රකාශ කිරීමේ සුහද හමුවට එක් වෙමිනි.

තම ජයග්‍රහණය සඳහා කැපවූ සිය පාක්ෂිකයින්ට ස්තුතිය ප්‍රකාශ කළ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය 17වැනිදා දිනූ ජයග්‍රහණය ඉදිරියටත් ආරක්ෂා කරගැනීම සඳහා තවදුරටත් විමසිල්ලෙන් සිටිය යුතු බවයි.

මෙවර මැතිවරණයේදී රට විනාශ කරන කණ්ඩයමක්ද පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින බැවින් ඔවුන්ගේ කුමන්ත්‍රණ හමුවේ රට ඉදිරියට ගෙන යාම අසීරුවනු ඇති බවත්, මේ හේතුවෙන් යහපාලනය සහ සුපිළිපන්න බව ආරක්ෂා කරගැනීම උදෙසා මහජනතාව තවදුරටත් කටයුතු කළයුතු බවත් අර්ජුන රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

අපි එක්සත් ජාතික පක්ෂයත් සමඟ ආණ්ඩුවක් හදන ක්‍රියාවට අත ගැහුවේ ජනවාරි 08 ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යාමට තිබූ අවශ්‍යතාව නිසා. පහුගිය දවස්වල තිබුණ ප්‍රශ්න සියල්ලම විසඳගෙන ඉදිරි වසර පහ සඳහා මේ රට පිරිසිදු නායකයින් දෙදෙනෙකුට භාරදෙන්න අපට හැකි වුණා. ඒ තමුන්නාන්සේලා විශාල කැපවීමක් කළා. නමුත් අමතක කරන්න එපා මේ ජයග්‍රහණයට විරුද්ධව සිටින කණ්ඩායම්වලටත් අද පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වෙලා තියෙනවා. ජාතිවාදය අවුස්සන, රට බෙදන්න හදන කෙසේ හෝ බලය ලබාගන්න හදන ඒ කණ්ඩායම් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා අපි අමතක කරන්න හොඳ නැහැ. මේ ගැන අවධානයෙන් අපි රට ඉදිරියට ගෙනියන්න ඕනා....

උපුටා ගැනීම අද දෙරණ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us