උතුරේ තීන්දුව විශිෂ්ටය !

Published in පුවත්
Wednesday, 19 August 2015 11:47

මෙවර මහමැතිවරණයේදී උතුරු හා නැගෙනහිර පළාත් දෙකෙන් තරග වැදුනු දෙමළ ජාතික සන්ධානය වඩා විශිෂ්ටතම ජයග්‍රහණය වාර්තා කර තිබේ.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් වූ විශ්ෂ්ටතම ජයග්‍රහණය ලෙස අර්ථ දැක්විය හැකිය.

මෙහිදී උතුරේ ජනතාව බෙදුම්වාදය පරාජය කර ඇති බව පැහැදිලිය. වෙනම රාජ්‍ය ඉල්ලීම කරතියාගෙන සිටින එල්ටීටීඊ ඩයස් පොරාවේ මතය ඔවුන් විසින් පරාජය කර තිබේ. එමෙන්ම එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත්ව පුනරුත්තාපනය වූ කණ්ඩායම් සියල්ලම ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

දෙමළ ජාතික සන්ධානය දිගින් දිගටම පෙනී සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් වෙනුවෙනි. රටෙ සියලු ජනතවට සම අයිතිය ලැබෙන පරිපාලන ව්‍යුහයක් වෙනුවෙනි. ෆෙඩරල් ඉල්ලීම පවා එන්නේ ඒ අනුවය. එය දකුණේ සිංහල ජාතිවාදීන්ට අනුව දෙමළ ජාතිවාදී ඉල්ලීමක් ලෙස පෙන්නෙනු නමුදු සහජීවනයෙන් යුතු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් දෙමළ ජනතාවාගෙන්ම ඉදිරිපත්වූ වඩාත්ම සාධනීය විසඳුම ෆෙඩරල් විසදුමය.

ඒ අතරම සුමන්දිරන් වැනි කොළඹ කෙන්ද්‍රීය දෙමළ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියකුට උතුරේ ජනතාවගෙන් ලැබුණු පිලිගැනීමද උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන කැමැත්ත යළිත් වතාවක් ප්‍රකට කරන්නකි.

මෙවර මහ මැතිවරණයේ සමස්ථ ප්‍රතිපලයම මෙරට දියුණු ප්‍රජාතන්ත්‍රවදි පාලන ක්‍රමයක් වෙනුවෙන් වන ජනතාවගේ අපේක්ෂාව මූර්තිමත් කරයි.. දුෂණයට, වංචාවට, බොරුවට, මුල්තැන දුන්න වුන් යම් යම් ජයග්‍රහණයන් ලබා ගෙන තිබුණද සමස්ථයක් ලෙස ඔවුන් පරාජයට පත්ව තිබේ. යළි එම කණ්ඩායම් වලට දේශපාලනිකව නැගී සිටීමේ පහසු හැකියාවන්ද අවසන්ව තිබේ.

මේ නිසා මෙවර මැතිවරණයේ විශිෂ්ට ප්‍රතිපලයන් මේ රටේ අනාගතය වෙනුවෙන් වඩා සාර්ථකව මෙහෙයවිය හැකි ඉඩක් විවරව තිබේ. එම අවස්ථාව පාලකයන් වෙතින් මඟ හැරීමට ඉඩ නොදී ජනවාරී 08 වන දිනත් අගෝස්තු 17 වන දිනත් කළ අරගලය ඉදිරියටත් පවත්වාගෙන යාම ප්‍රජාතන්ත්‍රවාදය කැමැත්තො පියවර ගත යුතුය.

Last modified on Wednesday, 19 August 2015 12:32

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us