මනාප 423,529ක් ගත් මහින්දයි, දයාසිරියි පාර්ලිමේන්තු නොයන හැඩ

Published in පුවත්
Tuesday, 18 August 2015 20:14

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මෙවර මනාප 423,529 ක් ලබා එම ලැයිස්තුවේ පෙරමුණට පැමිණ තිබේ. දයාසිරි ජයසේකර මහතා මනාප 133,832ක් ලබා දෙවැනි ස්ථානයට පැමිණ ඇත.

එහෙත් ඔවුන් දෙදෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස දිවුරුම් නොදෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. රාජපක්ෂ මහතාට පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට සිදු වීම ඒ මහතාගේ දේශපාලන පෞර්ෂය කෙරෙහි බලපෑමක් සිදු වීම නිසා මෙම තීරණය ගනු ඇතැයි එම පවුලේ ආරංචි මාර්ග පවසයි. එසේම දයාසිරි ජයසේකර මහතා වයඹ මහ ඇමැතිධුරයෙන් ඉවත්ව පාර්ලිමේන්තු පැමිණෙන්නේ ඉදිරියේ බිහි වීමට නියමිත ජාතික ආණ්ඩුවේ වගකිවයුතු ඇමැති තනතුරක් ලැබේ නම් පමණක් බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

මේ අතර ජයසේකර මහතාගේ දේශපාලන ප්‍රතිවාදියාවන එක්සත් ජාතික පක්ෂයේ අකිල විරාජ්, මනාප 286355 ක් ලබා ඇත. ඔහු මැතිවරණයට පෙර පැවැසූවේ ජයසේකර මහතාට වඩා මනාප ලබා ගන්නා බවය.

kurunagala-manapa

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us