පළමු පැය හතරේදී 40% ක් ඡන්දෙ දෙයි

Published in පුවත්
Monday, 17 August 2015 12:39

2015 මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශකිරීම ඉතා සාමකාමීව පැවැත්වෙන බව වාර්තා වේ. සුළු සිද්ධීන් කිහිපයක් පමණක් මේ වනවිට වාර්තා වේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ඉලුක්පිටිය ප්‍රදේශයේ ඡන්දදායකයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට ගියවිට ඔහුගේ ඡන්ද කලින් දමා ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබෙන බව වාර්තා වේ. මීට අමතරව රඹුක්කන දොඹේමඩ කණිෂ්ට විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානය අසල ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටින පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

මීට අමතරව කටුනායක ප්‍රදේශයෙන්, කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයෙන් සහ වව්නියාව ප්‍රදේශයෙන් පුද්ගලයන් කිහිපදෙනෙක් නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු සිදුකිරීමට හැරෙන්නට වෙනත් කිසිදු බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා වී නොමැත.

මේ වනවිට දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවල දහවල් 11 පමණ වනවිට සියයට 40 කට වඩා ඡන්දය ප්‍රකාශකොට ඇති බව වාර්තා වේ. විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ උදෑසන පටන් ඡන්දමධ්‍යස්ථානවල විශාල තදබදයක් පැවති බවත් ඡන්දදායකයන් ඉතා උනන්දුවෙන් ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණි බවත් වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us