ඡන්දදායකයින්ට මත්පැන් දන්සැල්

Published in පුවත්
Monday, 17 August 2015 12:29

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඡන්ද දායකයින් වෙත මත්පැන් බෙදාදීම් පිළිබඳව තොරතුරු වාර්තා වන බව කැෆේ සංවිධානය පවසයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සඳහන් කළේ බදුල්ල, නුවරඑළිය, පුත්තලම ,කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක වලින් මෙම සිදුවීම් වාර්තා වන බවයි.

මේ අතරින් කැෆේ සංවිධානය බදුල්ල දිස්ත්‍රික්කයේ මත්පැන් බෙදාදීම් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව බදුල්ල පස්සර පාරේ ස්ථානයකදී ලංකා කම්කරු කොංග්‍රසයේ අපේක්ෂකයෙකුට ඡන්දය දෙන ලෙස පවසමින් පුද්ගලයින් 67 දෙනෙකුට මත්පැන් බෙදාදීමක් වැටලීමට සුරාබදු නිලධාරීහු සමත්වී තිබේ.මෙම ස්ථානයේ සිටි කළමණාකාරවරයා සහ මත්පැන් ලබාගත් පුද්ගලයෙක් පොලිස් අත් අඩංගුවට පත්වී ඇත.

මේ ආකාරයටම මාතලේ ලග්ගල නාගොල්ලලියද්ද සහ කොස්ගොල්ල ප්‍රදේශයේදී අංක MW PE 9129 සහ KJ 7899 අංක දරන වාහන වලින් මත්පැන් සහ මුදල් බෙදමින් සිටින බවට කැෆේ සංවිධානය වෙත තොරතුරු වාර්තා විය. මේ සම්බන්දයෙන් කැෆේ සංවිධානය 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට පැමිණිලි කළ නමුත් මේ දක්වා එම පිරිස අත් අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී නොමැත.මේ ආකාරයට නුවරඑළිය පුඩලුඔය ඒරෝ ස්ටේට් ප්‍රදේශයේ අංක 54 - 6050 දරන වාහනයෙන් මත්පැන් බෙදමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබේ.

මාතලේ , පුත්තලම, කුරුණෑගල යන දිස්ත්‍රික්ක වල සිදුවන මත්පැන් බෙදාදීම් වැටලීම සඳහා සුරාබදු නිලධාරීන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ තත්වයක් දක්නට ලැබෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us