දූෂිතයින්ට සැප්තැම්බරයේ නඩු - රනිල්

Published in පුවත්
Thursday, 06 August 2015 11:43

යහ පාලන ආණ්ඩුව හොරුන් අල්ලන්නේ නීතියේ ආධිපත්‍යයට යටත්ව බවත් එලෙස නොකළා නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ගෙන් විශාල පිරිසක් මේ වන විට ඉන්නේ හිර ගෙවල් වල බවත් එමෙන් ම, කකුළුවන් දිය හැලියේ නටන්නාක් මෙන් නොවැම්බර් මාසය වන තෙක් නටන ලෙස වංචා හා දුෂණ වලට සම්බන්ධ දේශපාලකයන්ට තමා පවසන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වාරියපොළදී අද (5) සඳහන් කළේය. 

දේශපාලනයට සම්බන්ධ තෝරුන්, මොරුන් හා හාල්මැස්සන් පිළිබඳව අල්ලස් හෝ දුෂණ විමර්ශන කර්යාලයට පැමිණිලි 285ක් ලැබී ඇති බවත් එම පැමිණිලි වලින් 177ක මූලික පරික්ෂණ අවසන් කර ඇති බවත් පැවසූ ඒමහතා එම පැමිණිලි වලින් මුල්‍ය අපරාධ අංශයට පැමිණිලි 115ද, අල්ලස් කොමිසමට පැමිණිලි 35ක්ද, අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි 27ක්ද වැඩිදුර දුර විමර්ශනය සදහා යොමු කර තිබෙන බවද වැඩිදුරටත් සදහන් කළේය.

 

මෙම චූදිතයින්ට එරෙහිව ලබන සැප්තැම්බර් මාසයේදී නඩු පැවැරිමට කටයුතු කරන බව පැවැසු අග්‍රමාත්‍යවරයා ඔවුනට දඩුවම් කිරීමට නව නීති අවශ්‍ය නම් අලුත් පාර්ලිමේන්තුවෙන් එම නිතී සම්පාදනය කර ගන්නා බවටද සදහන් කළේය.

පසුගිය ආණ්ඩු සමයේ අල්ලස් හෝ දුෂණ කොමිසමට වසර ගණනාවක් තිස්සේ ලැබී තිබු ලිපි ගොනු 1500ක් පසකට දමා තිබු බවත් නව පාර්ලිමේන්තුව යටතේ අල්ලස් හෝ දුෂණ කොමිසමට නව කොමසාරිස් වරුන් පත් කර විමර්ශන විධිමත් කරන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us