බුද්ධි අංශ නිළධාරීන් සියගනනක් මහින්ද පසුපස

Published in පුවත්
Wednesday, 05 August 2015 21:10
ඉදිරි දින කිහිපය තුලදී සුදුවිය හැකි අනතුරක ඉව වැටී බුද්ධි අංශ නිලධාරීන් ‍රැසක් කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා යන එන මඟ හා මැතිවරණ ප්‍රචාරක වේදිකා අසල සීරුවෙන් තැබීමට ආරක්ෂක අංශ තීරණය කර ඇතැයි වාර්තාවේ. 
 
මහ මැතිවරණයේ අවසන් දින කිහිපය තුල  ජනතා අනුකම්පාව දිනා ගැනීම වෙනුවෙන් රාජපක්ෂ මහතා වෙත යම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳ අනාවරණය වීම නිසා මෙම පියවරගෙන ඇත. එම පාර්ශ්වයේම කොටසක් විසින් මෙවැනි ප්‍රහාරයක් එල්ලකර ගනු ඇතැයි සැකය එම පක්ෂ නායකයන් කිහිප දෙනෙකු විසින් පසුගිය දින කිහිපයේදී කෙරුණු ප්‍රකාශයන් මඟින්ද සනාතවේ. විශේෂයෙන්ම විමල් වීරවංශ මහතා විසින් රාජපක්ෂ මහතාව මරා දැමීම සඳහා කුමන්ත්‍රණ සිදු කෙරෙමින් පවතින බවට සෑම වේදිකාවකදීම පාහේ ප්‍රකාශ කරයි.
 
මේ වනවිට හිටපු ජනධිපතිවරයා ලෙස ලැබිය යුතු ආරක්ෂාවටත් වැඩි ආරක්ෂාවක් යටතේ සිටින රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව  වෙනුවෙන් බුද්ධි අංශ නිලධාරීන් හැරුණු කොට පොලිස් නිළධාරීන්ගේ සහයද ලබා ගෙන තිබේ.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us