කමාන්ඩෝ Four Weel රැළියට එරෙහිව පරිසරවේදීන් මානව හිමිකම් කොමිසමට

Published in පුවත්
Wednesday, 05 August 2015 20:58

යුද හමුදා කමාන්ඩෝ බලකාය විසින් පවත්වාගෙන යනු ලබන සිව්බල මෝටර් රථ (Four Weel Vehicle) ක්‍රීඩා සමාජය විසින් සිදුකරන දැවැන්ත පරිසර විනාශයට එරෙහිව අද(05) පරිසරවේදීන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති අතර කොමාන්ඩෝ බලකාය, මධ්‍යම පරිසර අධිකාරි, වෙරළ සංරක්ෂණ අධිකාරිය මෙම පැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කර ඇත.

එහිදී අදහස් දැක්වූ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසා සිටියේ 

'කොමාන්ඩෝ බලකායේ සංවිධානයෙන් මෙම සිව්බල මෝටර් රථ රැළිය පරිසරවේදීන්ගේ විරෝධය නොසලකා පසුගිය දෙවැනිදා ආරම්භ කරල තියෙනවා. ලංකාවේ උතුරු, නැගෙනහිර, ඌව පළාත්වල වටිනා වනාන්තර හරහා තමයි සංවිධායකයන් මෙම රැළියේ මාර්ගය සකස් කරල තියෙන්නෙ. එම ප්‍රදේශවල වෙරළ තීර, කළපු, ළඳුකැලෑ, රක්ෂිත අභයභූමි හරහා පරිසරයට දැවැන්ත විනාශයක් සිදුකරමින් ඔවුන් කිලෝමීටර් 775 ක දුරක් ගමන් කරනවා. ක්‍රීඩා සංචාරක කර්මාන්තයට මුවාවෙමින් පරිසරයට හානි කිරීම ලංකාවෙ දැන් අලුත් සම්ප්‍රදායක් බවට පත්වෙලා තියනවා. කොමාන්ඩෝ රෙජිමේන්තුව පරිසරය ගැන නොසලකා දෙවන වරටත් මෙය සිදුකිරීමට ලැජ්ජා සහගත ක්‍රියාවක්. පරිසරවේදීන් විදියට අපි අද මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අපි අවධානයෙන් ඉන්නවා බලධාරීන් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක සම්බන්ධයෙන්.

Last modified on Wednesday, 05 August 2015 21:03

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us