මහින්ද ක්‍රිකට් කණ්ඩායමේ නොහිටියේ වෙලාවට

Published in පුවත්
Monday, 03 August 2015 15:52

1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේ නම් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා ඔහු බව අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ රාත්‍රියේ (02දා) මීරිගම වේවැල්දෙනිය නාසෙවණ නිවාඩු නිකේතනයේ පැවැති ජනහමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සිටියේ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවැනි පෙළක් නිර්මාණය නොකළ බවයි.

“මට පුළුවන් වුණා 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කරලා කණ්ඩායමට නායකත්වය දෙන්න. මට හිටියා රටට ආදරය කරන ක්‍රීඩකයෝ. අනිත් ඒවා පැත්තක තියලා සෑම විටකම රට ගැන හිතන ක්‍රීඩකයෝ. ඒ නිසා මට පහසු වුණා කණ්ඩායමට නායකත්වය දීලා ලෝක කුසලානයක් මේ රටට ගේන්න. නමුත් අපි ක්‍රීඩා කරන විට දෙවැනි පෙළක් නිර්මාණය කරනවා.

මගෙන් පස්සේ නායකත්වය ගන්නේ කවුද කියලා හිතනවා. අපි සාමාන්‍යයෙන් නායකයෝ හදනවා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවැනි පෙළක් හදන්න දුන්නෙත් නැහැ. නායකයෝ හදන්නේ දුන්නෙත් නැහැ. මේ නිසා මට එක වෙලාවකට හිතෙනවා, මහින්ද මහත්තයා 1996 ලෝක කුසලානය දිනා ගත්ත නම් තාමත් ඒ කණ්ඩායමේ නායකයා ඔහු. අවුරුදු 51ක් 52ක් වුණත්. අන්න ඒ වගේ තමන්ගේ, තමන්ගේ පවුලේ ජයග්‍රහණය වෙනුවෙන් විතරයි මහින්ද මහත්තයා කටයුතු කළේ ” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් අපට සිතන්නට අැත්තේ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වී සිට පසුව ඉවත් වන්නට සිදුවූවානම් පසුව ඔහු මැදමුලන පැත්තේ පාසලක ක්‍රිකට් කණ්ඩායමකට හෝ එක්වී ක්‍රිකට් සෙල්ලම් කරනු අැති බවයි. ඔ්නෑම පුද්ගලයෙකුට සිය කාලය එළඹි කළ ඉවත් වී යා යුතුමය.රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන වයස් සීමාවක් දක්වා අැත්තේද එබැවිනි. වරදක් කළ හොත් ඉවත්වන්නට හෝ ඉවත්කිරීමට සිදුවේ.රටේ ජනාධිපතිව සිට හොදට වඩා නෙහොද කළ නිසා ජනතාව රාජපක්ෂව පන්නා දැමුවේය.ඒ සත්‍ය පිළිගැනීමට අකමැතිව නැවතත් බලයට ඒම තුළ සිදු වන්නේ එපා වූ දේ අප්පිරියා වීමක් බව මහින්ද රාජපක්ෂ තවමත් වටහා ගෙන නැත්තේ බල තණ්හාව නිසාම විය යුතුය.

ඇයි යකෝ අර්ජුන ආයෙමත් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා නොකරන්නෙ...?

 

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us