ජාතික ආණ්ඩුව සූදානම්.අගමැති රනිල් හෝ සුසිල්

Published in පුවත්
Monday, 03 August 2015 15:48

එළඹන මහ මැතිවරණයේ ඡන්ද විමසීම් ප්‍රතිපලය අනුව කිසිවෙකුට බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි බව මේවන විට ප්‍රත්‍යක්ෂ වී ඇති බැවින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අපේක්ෂා කළ ආකාරයෙන්ම ජාතික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා මේවන විටත් කටයුතු සූදානම් වෙමින් තිබේ.

එක්සත් ජාතික පක්ෂය එක් වැඩි ආසන සංඛ්‍යාවක් හෝ ලබා ගන්නේ නම් අගමැතිධුරය රනිල් වික්‍රමසිංහ මහතාටත් එක්සත් නිදහස් සන්ධානය එය ලබා ගන්නේ නම් සුසිල් ප්‍රේමජයන්ත් මහතාටත් ලබාදීම සඳහා මේවන විට එකඟතාවයකට පැමිණ ඇත. ඒ අනුව නියෝජ්‍ය අගමැති ධුරය අනෙක් පක්ෂයට හිමිවේ.

මේ අතර ජාතික ආණ්ඩුවේ 45 කින් යුක්ත කැබිනට් මණ්ඩලය වෙනුවෙන්ද දෙපාර්ශ්වය මේවන විට නම් ලැයිස්තු සූදානම් කරමින් සිටී. මෙහිදී දැනට ඇමැතිවරු ලෙස කටයුතු කල කිහිප දෙනෙකුගේ ඇමැති තනතුරු වෙනස් වීමද සිදුවනු ඇත. ඒ අතර එජාපයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ තනතුරුද වේ. සන්ධානයේ ප්‍රබලයන් ‍රැසක් ද ඇමැති තනතුරු ලබා ගැනීමට නියමිත අතර ශ්‍රී ලනීපය නියෝජිතයන්ට අමතරව සන්ධානයේ අනෙක් පක්ෂ කිහිපයක නායකයන්ටද ඇමැති තනතුරු හිමිවේ.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us