අපිට ගන්න පුලුවන් ආසන 90 යි දයාසිරි කියයි.

Published in පුවත්
Tuesday, 28 July 2015 12:40

අගෝස්තු 17 වෙනිදායින් පසුව එක්සත් ජනතා නිදහස් සංධානය ආසන 90 ට වැඩි සංඛ්‍යාවක් ලබා ගන්නා බවත් ඉන්පසුව බෝනස් ආසන 15ක් ලබා ගෙන පැහැදිලිවම සංධාන ආණ්ඩුවක් යටතේ මේ රටේ බලය පිහිටුවන බව වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ පසුගියදා බිංගිරිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්ය.

මෙම මැතිවරණය කුරුණෑගල දිස්ත්‍රික්කයේ තීරණාත්මක මැතිවරණයක් බවට පත් කරන බවත් ඒ හදන ආණ්ඩුව අපි හදන්නේ මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක්. ඒ වගේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව ඒ ආණ්ඩුවේ අගමැති කරවන්න අපි කටයුතු කරනවා යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,

'ගියවර මැතිවරණයේදී අපිට දිස්ත්‍රික්ක හතරක් අහිමි වුනා. මේ මැතිවරණයේදී අපිට කරන්න තියෙන්නේ ඒ දිස්ත්‍රික්ක හතර ජයග්‍රහණය කරන එක විතරයි. ගම්පහ, පොලොන්නරුව, බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කය මේ මැතිවරණයේදී අපි ජයග්‍රහණය කරනවා. අගෝස්තු 17 වෙනිදායින් පස්සේ ආසන 90 ට වැඩි සංඛ්‍යාවක් එක්සත් ජනතා නිදහස් සංධානයට ලබා ගන්නවා. ඉන්පසුව බෝනස් ආසන 15 ලබාගෙන පැහැදිලිවම සංධාන ආණ්ඩුවක් යටතේ මේ රටේ බලය පිහිටුවනවා.

අපේ පාක්ෂිකයෝ අනිත් පැත්තට යනකොට. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ කලකිරිලා ඉන්නකොට, මුස්ලිම් ජනතාව අනිත් පැත්තට හැරිලා ඉන්නකොට, දෙමල ජනතාව අනිත් පැත්තට හැරෙනකොට, එක්සත් ජාතික පක්ෂය බලවත් වෙනකොට, මධ්‍යස්ත මතධාරීන් විවිධ ප්‍රචාරයන් ගෙනිහින් අපේ ආණ්ඩුව පෙරලන්න හදනකොට ඒ සියළු ප්‍රචාර මැද කුරුණෑගල දිස්ත්‍රික්කය අපි ගියවර වැඩි ඡන්ද 82000 කින් ජයග්‍රහණය කළා.

අද සියළුම රාජ්‍ය සේවකයෝ එකිනෙකා පෙළගැහිලා ඉන්නේ මේ දිස්ත්‍රික්කය එක්සත් ජනතා නිදහස් සංධානය ජයග්‍රහණය කරවන්න. ඒනිසා මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද ලක්ෂ දෙකකින් ජයග්‍රහණය කරනවා. ඒ නිසා මෙම මැතිවරණය කුරුණෑගල දිස්ත්‍රික්කයේ තීරණාත්මක මැතිවරණයක් බවට අපි පත් කරනවා. ඒ හදන ආණ්ඩුව අපි හදන්නේ මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක්. ඒ වගේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව ඒ ආණ්ඩුවේ අගමැති කරවන්න අපි කටයුතු කරනවා.'

Last modified on Tuesday, 28 July 2015 13:48

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us