7 වැනිදා සිට තැපැල් ගාස්‌තු ඉහළට

Published in පුවත්
Saturday, 02 August 2014 13:07

තැපැල් ගාස්‌තු වැඩි කිරීම මෙම මස 7 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අගෝස්‌තු මස පළවැනිදා සිට දේශීය තැපැල් ගාස්‌තු සංශෝධනය කිරීමට රජය මුලින් තීරණය කර තිබුණ ද  අදාළ චක්‍රලේඛය නියමිත පරිදි තැපැල් කාර්යාලවලට යෑවීමට තැපැල් දෙපාර්තමේන්තුව අසමත් වීම නිසා එය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

නව තැපැල් ගාස්‌තු සංශෝධනයට අනුව රුපියල් 5 ක සාමාන්‍ය තැපැල් ගාස්‌තුව
රු. 5 සිට 10 දක්‌වා 100% වැඩි කර තිබේ. එසේම සාමාන්‍ය ලියුමක බර ග්‍රෑම් 30 සිට ග්‍රෑම් 20 දක්‌වා ග්‍රෑම් 10 කින් අඩු කර ඇත.

තැපැල් පතක මිල රුපියල් 5 සිට රුපියල් 8 දක්‌වා වැඩි කර
තිබෙනවා.
තැපැල් පෙට්‌ටිවල මිල රුපියල් 2500 සිට 5000 දක්‌වා රුපියල් 15 ක්‌ වූ ව්‍යාපාරික තැපැල් ගාස්‌තුව කොටස්‌ හතරකට බෙදා බර අනුව ගාස්‌තු වැඩි කර ඇත.

ඒ අනුව ග්‍රෑම් 20 ක ව්‍යාපාරික ලිපියක්‌ තැපැල් මගින් බෙදාහැරීම සඳහා රුපියල් 15 ක්‌ ද එතැන් සිට ග්‍රෑම් 100 දක්‌වා වැඩිවෙන සෑම ග්‍රෑම් 20 ක්‌ සඳහාම රුපියල් 10 කින් ගාස්‌තු වැඩිවීම සිදු වේ.

ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 250 දක්‌වා සෑම ග්‍රැම් 20 ක්‌ සඳහාම රු. 15 කින් ගාස්‌තු වැඩිවේ. ග්‍රෑම් 250 සිට කිලෝ එක දක්‌වා වැඩිවෙන ග්‍රෑම් 50 කට රුපියල් 30 කින් ද කිලෝ 1 සිට 2 දක්‌වා වැඩිවෙන ග්‍රෑම් 250 සඳහා ම රුපියල් 50 කින් ද ගාස්‌තු වැඩි වීම සිදුවේ.

පාර්සල් තැපැල් ගාස්‌තුව ග්‍රෑම් 250 සඳහා රු. 90 දක්‌වා ද ග්‍රෑම් 500 සඳහා රුපියල් 110 දක්‌වා ද කිලෝ එකක්‌ සඳහා රුපියල් 130 දක්‌වා ද කිලෝ 2 ක්‌ සඳහා රුපියල් 200 දක්‌වා ද වැඩි කර ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us