තවත් අවුරුදු කිහිපයකින් කුඩා අයිස් යුගයක්

Published in අනං මනං
Thursday, 23 July 2015 13:30

පෘථිවිය තවත් කෙටි කාලයක් ඇතුලතදී කුඩා අයිස් යුගයකට මුහුණ දෙනු ඇති බව විද්‍යාඥයින් පිරිසක් පවසයි. මෙම යුගය 2030 දශකය තුල ඇතිවීමට නියමිතව බව නෝතම්බි‍්‍රයා විශ්වවිද්‍යාල පර්යේෂක විසින් සිදුකළ අධ්‍යනයකට අනුව තහවුරුව තිබේ.


මෙය හුදු වැල්වටාරමක් ලෙස බැහැර කළ නොහැකි වග පෙන්වා දෙන ඔවුන් මීට පෙර 1646 සහ 1715 අතර කාලයේ ඇති වූ බව කියන කුඩා අයිස් යුගයක් උදාහරණ ලෙස දක්වයි. ඒ අවස්ථාවේ ලංඩනයේ තේම්ස් නදිය අයිස් බවට පත්ව තිබූ බව වාර්තා වේ.

ඔවුන් පවසා ඇත්තේ සූර්යයාගේ ක‍්‍රියාකාරීත්වය 2030 දශකය තුළ 60%කින් පහත වැටෙනු ඇති බවයි.

මේ පිළිබඳ අනාවරණය කරගෙන තිබෙන්නේ සූර්යයාගේ හැසිරීම විග‍්‍රහ කිරීම සඳහා සොයාගනු ලැබූ නව ක්‍රමවේදයක් බාවිතයෙනි.

මහාචාර්ය වැලන්ටිනා සර්කෝවාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකර ඇති පර්යේෂණයෙන් අනාවරණය වී ඇත්තේ සූර්යයාගේ පෘෂ්ඨය ආසන්නයේ හා එහි අභ්‍යන්තරයේ විද්‍යුත් චුම්භක පේ‍්‍රරණයන් යුගලයක් සිදුවන බවයි.

ආසන්න වශයෙන් වසර 11ක ආවර්ත කාලයක් ඇති මෙම සංසිද්ධීන් ඇතැම් විට එකම කලාවේ සිදුවන අතර එවිට සූර්ය ක‍්‍රියාකාරීත්වය ප‍්‍රබල වන බව පැවසේ.

නමුත් ඒවා ප‍්‍රතිවිරුද්ධ කලාවන්හිදී හටගන්නා විට එකකින් අනෙක නිෂේධනය කර දමමින් සූර්ය බලය අවම කිරීමක් ඇති කරන බව තාරකා භෞතික විද්‍යාඥයින් පවසා ඇත. මෙම කෙටිකාලීන අයිස් යුගය ඇතිවීමට හේතුව ලෙස ඔවුන් දකින්නේ එයයි.

Last modified on Thursday, 23 July 2015 13:38

 

ld add copy

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us