LTTEයේ වාහන තළා යකඩවලට විකුණගෙන

Published in පුවත්
Wednesday, 22 July 2015 11:26

උතුරු මානුෂීය මෙහෙයුම අවසානයෙන් පසු තැන තැන තිබී සොයාගෙන මුලතිව් ප්‍රදේශයේ ගොඩගසා තිබූ වාහන දස දහසක් මීට වසර දෙකකට පමණ පෙර එක්තරා කණ්ඩායමක් විසින් යකඩවලට විකුණා දමා ඇතැයි හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

LTTE සංවිධානයට අයත්ව තිබූ වාහන මෙන්ම ත්‍රස්තවාදීන් විසින් දකුණෙන් කොල්ලකාගත් සහ ඉතා අඩු මිලට ලබාගත් වාහන විශාල ප්‍රමාණයක් යුද්ධයේ නිමාවත් සමඟම හමුදාව විසින් සොයාගෙන තිබිණ.

එම වාහන අතරින් වටිනා වාහන කොටින් විසින්ම විනාශ කර තිබූ අතර සමහර බාගෙට පිළිස්සී තිබිණි. ඒ අතර වූ තවත් වාහන හොඳ තත්ත්වයේ පැවතිණි. එම වාහන සියල්ල මුලතිව් ප්‍රදේශයේ එක්තරා විශාල බිම් ප්‍රමාණයක ගොඩගසා තිබිණි.

මීට වසර දෙකකට පමණ පෙර එම වාහන සියල්ලම යන්ත්‍ර මඟින් කුඩු කර යකඩ කෑලි බවට පත්කර කන්ටේනර් පිටින් දකුණට ගෙනවිත් විශාල මුදලකට අලෙවි කර තිබේ.

පසුගිය රජය සමයේ සිටි ප්‍රබල දේශපාලනඥයකුගේ උපදෙස් මත එම වාහන සියල්ලම එසේ යකඩවලට විකුණා ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් පසු ගිය රාජ්‍ය පාලන සමයේ සිදුවූ සියලුම සොයා ගැනීම් වලින්  රාජපක්ෂලා ප්‍රයෝජන ගත් බව පැහැදිලිය. සියලුම සම්පත් පහළ වී අැත්තේ රාජපක්ෂලාගේ පරිහරණයට බව ඔවුන් තීන්දු කළා විය හැකිය. කෙසේ වෙතත් සිව් මහ බබුන් පෑ පෙළහරින් පහළ වූ බවට උදම් අනමින් වාහන තලා, යකඩ තනා,යකඩ වලට විකුණාගෙන අැත.ඔහු සිදුකර අැත්තේ රටේ අයිතිකාරයා නොව භාරකාරයා කියමින් කළ ජනතාව මුලාවක දමා සියලු සම්පත් හූරා කෑමක්මය.

 

දිනමිණ අැසුරින්

 

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us