මුස්ලිම් කොංග‍්‍රසය ඌවට එජාපයෙන් !

Published in පුවත්
Saturday, 02 August 2014 08:39

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය මෙවර ඌව පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ  කිරීම සම්බන්ධයෙන් සාකච්ජා පවත්වමින් සිටින බව වාර්තාවේ.

එජාප සභාපති කබීර් හෂීම් හා මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රධානින් කිහිපදෙනෙකු අතර මෙහි මුලික සාකච්ජා ආරම්භ වී ඇත.

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව මැතිවරණවලට තරඟ කළේ නම් වැඩි ජන්ද ප‍්‍රමාණයක් හිමි කර ගැනීමේ හැකියාව පවතින බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසයි.

කෙසේවුවද, එහි ජාතික සංවිධායක සෆීක් රාජබ්දීන් මහතා කියා සිටියේ, එවැනි තීරණයක් පක්ෂය විසින් මෙතෙක් ගෙන නොමැති බවයි.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්ත පළ කළහොත් ඊට පක්ෂයේ ප‍්‍රතිචාරය කුමක්‌දැයි විමසා සිටි අවස්ථාවේදී,  එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ, ඕනෑම  පක්ෂයකට එජාපය සමඟ එක්වන ලෙස ආරාධනා කරන බවත් තවමත් නාම යෝජනා ලැයිස්තුවේ හිස්තැන් තිබෙන බවත්ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us