ප්ලූටෝ වෙත ගිය හොරයිසන් (photos)

Published in අනං මනං
Wednesday, 15 July 2015 11:58

නාසා ආයතනයේ “නිව් හොරයිසන්” අභ්‍යාවකාශ යානය එහි ගමනාන්තය වන ප්ලූටෝ ග‍්‍රහයා ආසන්නයට ඊයේ ළඟා වී ඇති බවට යානය පණිවිඩ නිකුත් කිරීමත් සමග තහවුරු විය.

මේ පණිවිඩය කිලෝමීටර් බිලියන 4.7 ක දුරක් පැමිණ ඇති අතර ඒ සඳහා පැය 4 ත් විනාඩි 25ක් ගතව තිබෙනවා. මේ අනුව සෞරග්‍රහ මණ්ඩලයේ සෑම ග්‍රහලෝකයක් වෙත ගමන් කිරීම සම්පුර්ණ වී අවසානයි.

ඒ විතරක් නොවෙයි ප්ලූටෝ ඡායාරූප කිහිපයක්ම මේ වන විට පෘථිවියට එවා තිබෙනවා. ප්ලූටෝට ඉතාම ආසන්න ඡායාරූප ලබාගැනීමට විද්‍යාඥයින්ට හැකිවූ පළමු අවස්ථාවද මෙයයි.

එම ඡායාරූපයන්ගේ ප්ලූටෝගේ අයිස් වලින් වැසී ගිය මතුපිට හොදින් දිස්වෙනවා.

ප්ලූටෝගේ උප ග‍්‍රහයා වන චාරොන්ගේද ඡායාරූපයන් නිව් හොරසියන් නුදුරු දිනකදීම ලබාදෙනු ඇතැයි පැවසෙනවා.

නමුත් හොරයිසන් යානයේ සංවේදී උපකරණවලට ප්ලූටෝ ග‍්‍රහයාගෙන් ඔබ්බට විසිර පවතින දුලි හා පාෂාණ වලින් හානියක් නොවී ගැලවී ගත හැකිවනු ඇත්දැයි විද්‍යාඥයින්ට ඇත්තේ ගැටලූවකි.

pluto2

pluto3

pluto4

 

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us