මහින්දට රාජ්‍ය සේවකයො ගැන දුකයිලු

Published in පුවත්
Tuesday, 14 July 2015 15:46
වත්මන් පාලනය යටාතේ රාජ්‍ය සේවකයින්  දැඩි පීඩනයකට පත්ව සිටින බව හිටපු ජනපති මහින්ද මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.
 
අද (14) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දී ආගමික වතාවත් වලට සහභාගී වී මහනායක හිමිවරුන් ද බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවට පැමිණි ඔහු,
 
"දැන් බලන්න රාජ්‍ය සේවයට වෙලා තියෙන දේ, රාජ්‍ය සේවකයා අද බියෙන් ඉන්නේ. මොකද මේ හැම එක්කෙනාට ම චෝදනා, පහුගිය සත්භාවයෙන් කරපු වැඩ වලට හිටං ප්‍රශ්න කරනවා. 500කට වැඩි පිරිසක් අද රාජ්‍ය සේවකයො, ජනාධිපති ලේකම් වරයාගෙ ඉඳලා, පහළ නිලධාරීන් දක්වා ම ප්‍රශ්න කරලා තියෙනවා යම් යම් දේවල් වලට. ඉතිං මං කියන්නෙ මේකෙ ආරක්ෂාවක් තියෙන්න ඕනෙ රාජ්‍ය සේවකයාට. දේශපාලඥයාට පුළුවන් මේවාට මුහුණ දෙන්න. ඒත් රාජ්‍ය සේවකයාට මෙහෙම කරන එක අසාධාරණයි. මම කියනවා මේවා නැතිකිරීම තමයි අපෙ එක පරමාර්ථයක්. " යනුවෙන් සඳහන් කළේය.
 
හිටපු ජනාධිපතිවරයා අද මෙසේ කීවද සති කිහිපයකට පෙර ඔහුගේ ළඟම අනුගාමිකයකු වන දකුණු පළාත්සභා ඇමති ඩී.වී. උපුල් තර්ජනය කළේ මහින්ද රාජපක්ෂ අගමැති වු දිනෙක මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකයේ FCID යේ DIG ගේ සිට කොස්තාපල් දක්වා සියල්ලන් ගල් ගසා මරා දමනා බවට ය. FCID යේ සිටින්නේද රාජ්‍ය සේවකයින්ය.  ඩී. වී. උපුල්ටද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහමැතිවරණය සඳහා නාමයෝජනා හිමිව තිබෙන අතර ප්‍රශ්න කිරීමකින් තොරව ගල් ගසා මැරීම අඩුවෙන් බිය දැනෙන ක්‍රියාවක් ලෙස මහින්ද පාර්ශ්වය සලකනවා විය යුතුය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us