නීති විරෝධී පෝස්ටර් කටවුට් ඉවතට

Published in පුවත්
Tuesday, 14 July 2015 14:46

නීති විරෝධී පෝස්ටර් කටවුට් සහ ප‍්‍රචාරක පුවරු වහාම ඉවත්කරන ලෙස පොලිස්පති දිවයින පුරා සියලූම පොලිස් ස්ථානවලට දැඩි නියෝගයක් නිකුත්කර තිබේ.

පෝස්ටර් කටවුට් ඇතුළු නීති විරෝධි මැතිවරණ ප‍්‍රචාරක ක‍්‍රම ඉවත්කල බවට ලිබිතව තමාට තොරතුරු වාර්තා කල යුතු බවට කොට්ඨාශ භාර පොලිස් ප‍්‍රධානීන්ටද පොලිස්පතිවරයා නියෝග කර ඇත.

නාම යෝජනා භාරදීමෙන් පසු මැතිවරණ නීතිය දැඩිව උල්ලංඝනය කරමින් පෙළපාලි ගමන් කරනු ලැබුවේද ඒ සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තාකර ලබන සදුදා වන විට නීතිපතිවරයා වෙත උපදෙස් සදහා ගොනු ඉදිරිපත්කරන ලෙසට නියෝගයක්ද පොලිස්පතිවරයා එම පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට නිකුත් කර තිබේ.

මැතිවරණ පෝස්ටර් ව්‍යාපාරය සදහා ගජරාමයට මුදල් වියදම්කළ පසුගිය ජනාධිපතිවරණ සමය පිළිබදව මේ අවස්ථාවේ කතා නොකරම බැරිය. මෙවර මැතිවරණයට ඉදිරිපත්වක අපේක්ෂකයින් සිහිතබා ගත යුත්තේ කටවුට් මහින්දට පසුගිය ජනාධිපතිවරණයේ දී අත්වූ ඉරණම පිළිබදවය.අනවශ්‍ය පෝස්ටර් බැනර් කටවුට් හා ප්‍රචාරණයන්ට නාස්තිකළ මුදල් වලින් වූ සෙතක් නැත. ජනතා මුදල් නාස්ති කරමින්,පොදු දේපල අවභාවිත කරමින් සිදු කළ ප්‍රචාරණය දියමත අැදි ඉරක්සේ විය.මුදල් කොල්ලකමින් ජනාධිපතිවරණය සදහා වියදම් නොකළා නම් අද ඒ වාසිය හෝ ඉතිරිවන්නට තිබුණි.නමුත් දැන් නීති විරෝධී පෝස්ටර් කටවුට් යන හැදින්වීමෙන් පවා සිහියට නැගෙන්නේ කටවුට් මහින්දවය.ජනතා මුදලින් කටවුට් ගැසූ හිටපු පාලකතුමාවය.ඒ තත්වය කිසිවෙකුත් අැතිකළක් නොවන අතර ඔහු විසින්ම අැති කර ගත් තත්වයකි.

කටවුට් පොස්ටර් අනවශ්‍ය තරමින් භාවිතා කරමින් සිදුකරන ප්‍රචාරණයන් වලදී වැයවන මුදල් මෙරට අසරණ දුගී දුප්පත් ජනතාවගේ යහපත වෙනුවෙන් සුළු පරිමාණයකින් හෝ යොදවන්නට හැකිවේ නම් ය ජන හදවත් තුළ සදා පවතින පෝස්ටරයක් වනවා නියතය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us