ඡන්ද විමසීමකට මුහුණ දීමේ නොහැකියාව හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එය කඩාකප්පල් කිරීමේ දැවැන්ත මෙහෙයුමක නිරත වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
දින 100 වැඩපිළිවෙළ යටතේ සියයට 80ක් පමණ ජනතාවට දුන් පොරොන්දු ඉටුකළ බවද, යම් යම් අඩුපාඩු ඇති බව පිළිගන්නා බවද කියා සිටි නියෝජ්‍ය ඇමතිවරයා ජනතාවට සහන ලබාදීම දින 100 රජයේ ප්රමුඛ අරමුණ වූ බවද පැවසීය.