ලූණු වල ගුණාත්මකභාවය පිළිබඳව ගැටළු පවතින බවට පාරිභෝගිකයින් සිදු කළ පැමිණිලි සැළකිල්ලට ගනිමින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් මෙම පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
ලූණු භාවිත කිරීමේදි පාරිභෝගිකයින් විසින් දිනකට අවශ්‍ය ප‍්‍රමාණය සහ නිර්දේශිත අයඩින් ප‍්‍රමාණය පිළිබඳව අවධාය යොමු කිරීම ඉතා වැදගත් බව පාර්භෝගික අධිකාරිය සඳහන් කළේය.
එක් පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය වන්නේ තේ හැන්දක පමණ ලූණු ප‍්‍රමාණයක් වන අතර වෙළෙඳ පොළේ පවතින ඇතැම් ක්ෂණික ආහාර වර්ග හේතුවෙන් එම ප‍්‍රමාණය ඉක්මවා මිනිස් සිරුරට ලූණු ඇතුළු වන බව පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.